පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    කෘෂිකර්මය, සත්ත්ව පාලනය සහ ධීවර කටයුතු සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් පිළිබඳ අවධානයට

    දෙසැම්බර් 08, 2022

    කෘෂිකර්මය, සත්ත්ව පාලනය සහ ධීවර කටයුතු සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස්කිරීම පිළිබඳ ජාතික සභා අනු කාරක සභාවේ ක්‍රියාකාරී කමිටුවේදී සාකච්ඡා කර තිබේ.

    මේ පිළිබඳ සාකච්ඡා වූයේ කෙටි, මධ්‍යම හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ප්‍රමුඛතා හඳුනාගැනීම පිළිබඳ ජාතික සභා අනු කාරක සභාව යටතේ පිහිටවූ කෘෂිකර්ම, සත්ත්ව නිෂ්පාදන හා ධීවර කටයුතු සම්බන්ධ ක්‍රියාකාරී කමිටුව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අසංක නවරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (02) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

    මෙහිදී කෘෂිකර්මය, සත්ත්ව පාලනය සහ ධීවර කටයුතු යන අංශ නියෝජනය කරමින් අමාත්‍යංශ, පළාත් පාලන ආයතන ඇතුළු පාර්ශ්ව කිහිපයක සාමාජිකයෝ පැමිණ සිටියහ.


    මේ අනුව මෙම ක්‍රියාකාරී කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා මෙම පාර්ශ්ව සමග සාකච්ඡා කරමින් ඒ ඒ අංශ සම්බන්ධයෙන් අදහස් ලබාගැනීම සිදු කළ අතර මසක් ඇතුළත මෙම පැමිණ සිටි අංශ ඒකාබද්ධව කෘෂිකර්මය, සත්ත්ව පාලනය සහ ධීවර කටයුතු සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් සකස් කොට ක්‍රියාකාරී කමිටිවුට ඉදිරිපත් කරන ලෙස නිර්දේශ කළේය. එසේම එම සකස්කරන ප්‍රතිපත්තිය කෙටි, මධ්‍යම හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ප්‍රමුඛතා හඳුනාගැනීම පිළිබඳ ජාතික සභා අනු කාරක සභාව වෙත ලබාදීමට කටයුතු කරන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya