පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    පාසල්වලට මත් ද්‍රව්‍යය පැමිණීම වැළැක්වීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් එළඹෙන ජනවාරි 02 දා සිට

    දෙසැම්බර් 08, 2022

    පාසල්වලට මත් ද්‍රව්‍යය පැමිණීම වැළැක්වීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් එළඹෙන ජනවාරි 02 දා සිට ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසීය.

    ගම,නගරය කියා භේදයක් නොමැතිව සෑම පළාතක්ම ආවරණය කරමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවද හෙතෙම සඳහාන් කළේය.

    පාසල් තුළට අයිස් මත්ද්‍රව්‍ය පැමිණීමේ සිදුවීම් කිහිපයක් වාර්තා වීම සම්බන්ධයෙන් අද කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
    මේ සඳහා අදාළ චක්‍රලේඛය ඉදිරියේදී නිකුත්කරන බවද අමාත්‍යවරයා පැවසීය. දරුවන් පාසලේ ඉන්නේ පැය 08යි. වැඩි හරියක් දරුවන් සිටින්නේ පාසලෙන් පිට. එම නිසා දෙමව්පියන්ට මේ සඳහා වගකීමක් තිබෙනවා. මෙය කොළඹට පමණක් සීමා වූ දෙයක් නොවන බවත් පිට ප්‍රදේශයන් වලින් ද මෙම මත් ද්‍රව්‍ය සම්බන්ධයෙන් වාර්තා වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya