පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    නව පැකේජ හඳුන්වා දෙමින් ආයෝජකයින් සඳහා සහන සැලසීමට රජය කටයුතු කරනවා- ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය

    දෙසැම්බර් 08, 2022

    ආර්ථිකයට බාධා නොවන නව පැකේජ හඳුන්වා දෙමින් ආයෝජකයින් සඳහා සහන සැලසීමට රජය කටයුතු කරන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පාර්ලිමේන්තුවේ දී අද (08) පැවසීය.

    ආයතනවල ලියුම් ලියන සංස්කෘතියෙන් මිදී මෙරටට පැමිණෙන ආයෝජන කඩිනමින් ක්‍රියාත්මක කළ හැකි තත්වයට රට පත් කළ යුතු යැයිද අමාත්‍යවරයා කීය.

    ඉදිරියේදී සෑම අමාත්‍යංශයකම ආයෝජන ප්‍රවර්ධනය සඳහා වෙනම අංශයක් ඇති කළ යුතු බවත් ඒ සඳහා වෙනම අතිරේක ලේකම්වරයෙක් පත් කළයුතු බවද අමාත්‍යවරයා කීය.

    ආයෝජකයෙන් මෙරටට පැමිණි විට ඔවුන් ගත යුතු අනුමැතිය සඳහා විවිධ අමාත්‍යංශ සමග කටයුතු කරන්න සිදු වෙනවා. මෙය ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයට පමණක් තනිව කළ නොහැකියි.ලියුම් ලියන සංස්කෘතිය තිබුණෝත් ආයා්ජන ක්‍රියාත්මක කරන්න වෙන්නේ නැහැ. මේ වනවිට හිර වෙලා තිබුණු ව්‍යාප්ති 73කින් 68ක් ක්‍රියාත්මක කරනවා.

    නෙළුම් කුළුණෙන් මේ වන විට රුපියල් මිලියන 218ක මුදලක් උපයා ඇතැයිද දිළුමු අමුණුගම මහතා කීය. විවිධ ආයතන සඳහා බදු පදනමින් ලබා දෙන කොටස් 70% ක් පමණ අත්සන් කිරීමට සූදානම් බවද හෙතෙම සඳහන් කළේය. බංඩි ජම්පින්ග් වැනි ඉහළ ආදායම් උපයාගත හැකි විනෝදාත්මක වැඩසටහන් සඳහාද ආයෝජකයින් පැමිණ තිබේ.එහි 70%ක අත්සන් කිරීම සඳහා සූදානම් බවද කීය.

    මෙරටට නව ආයෝජකයින් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළවල් රැසක් මේ වන විට ක්‍රියාත්මක කර ඇතැයිද අමාත්‍යවරයා කීය. විදේශ කටයුතු අමාත්‍යංශය සමග එක්ව , ලෝකයේ ප්‍රධාන ව්‍යාපාර 194ක ලැයිස්තුවක් සාදා එම ව්‍යාපාරිකයින් සමග සාකච්ඡා කර ආයෝජකයින් මෙරට ආයෝජනය කිරීම සඳහා දිරිගැන්විමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කර තිබේ.

    READY TO INVEST OPPERTUNITITES නමින් නව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇති බවත් ආයෝජකයින් මෙරට පැමිණි වහාම ක්‍රියාත්ම කළ හැකි ආයෝජන මෙම ව්‍යාපෘතිය යටතේ හඳුන්වා දී තිබේ.කල්පිටිය දූපත් ආශ්‍රිතව WATER Villas ඉදි කර සංචාරකයින් සහ සංචාරක ව්‍යාපෘති ඇති කිරීමේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කරතිබේ.

    අපනයන ගම්මාන සංකල්පය නැවත ගෙනෙන බවත් , කර්මාන්තකරුවට නොව අපනයනකරුවාට අවශ්‍ය භාණ්ඩ නිර්මාණය කිරීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කර තිබේ. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් අපනයන කර්මාන්ත කරුවන් බවට පත් කිරීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කර තිබේ. තවද BOI ZONE හි ඉන්ධන හල් ඇරඹීම කෙරෙහිද අවධානය යොමු කර තිබේ.

    මෙවර අයවැයෙන් උතුරු නැගෙනහිර සංවර්ධනය කිරීම සඳහා මුදල් වෙන් කර ඇති බවත් පලාලි ගුවන්තොටුපළ දියුණු කිරීහ සඳහාද අයවැයෙන් කටයුතු කර තිබේ. පෝට් සිටි ව්‍යාපෘතිය සඳහාද නව ආයෝජකයින් 06 දෙනෙකු ඉදිරිපත් වීතිබේ. එහි කටයුතු ඉදිරියට ගෙනයාම සඳහා අවශ්‍ය මූල්‍ය රෙගුලාසි මේ වන විට සකස් කරමින් සිටින බවත් එය පාර්ලිමේන්තුවට ගෙනවිත් ගැසට් කළ පසුව ආයෝජන කටයුතු අරඹන්නට සමාගම් වලට ඉඩ ලැබෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීය.

    අදියර දෙකක් යටතේ පෝට්සිටි ව්‍යපෘතියේ කටයුතු අරඹන අතර පළමුවෙන් තාවකාලික ව්‍යාපාර ඉදිකරන බවත් ඉන් පසුව ප්‍රධාන ව්‍යාපාර පැමිණි පසු එම ව්‍යාපාර ඉවත් කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya