පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    රට තිබෙන තැන තේරුම් ගනිමින් ජනතාවට සැබෑ පණිවිඩය ගෙන යාමේ වගකීම ජනමාධ්‍යවේදින් සතුයි- මුදල් රාජ්‍ය අමාත්‍ය

    දෙසැම්බර් 08, 2022

    රට තිබෙන තැන තේරුම් ගනිමින් ජනතාවට සැබෑ පණිවිඩය ගෙන යාමේ වගකීම ජනමාධ්‍යවේදින් සතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද (08) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    මුදල් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

    මේ වන විට හොඳ තත්වයකට රට තල්ලු වෙමින් ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ අපනයන ක්ෂේත්‍රෙය් වර්ධන වේගය 8.6%ක්.මෙය ධනාත්මකයි. සංචාරක ඉපැයීම ගිය වසරට සාපේක්ෂව ඩොලර් මිලියන 1022ක්. විදේශ ප්‍රේෂණ 12%කින් වර්ධනය වී තිබෙනවා.

    පසුගිය අප්‍රේල් මාසයේ ණය නොගෙවන රටක් ලෙස අපි ප්‍රකාශ කළා. රටේ ඉන්න පවුල් වලින් 60% ක් සුභ සාධනය ඉල්ලනවා. මෙවැනි පසුබිමක හිඳිමින් තමයි මෙම අසීරු අයවැය ඉදිරිපත් කළේ. අද තෙල් පෝළිම නැහැ. බණ්ඩි පොහොර වේලාවට ලැබෙනවා. ඉස්සර බණ්ඩි පොහොර ලැබුණේ ගොයම් කැපුවටත් පස්සේ විදුලිය පැය 10ක් කපපු එක අද පැය 02ට සීමා වී තිබෙනවා. ළමයි පාසල් යනවා, රෝහල් වල ප්‍රශ්න තිබෙනවා නමුත් එකක්වත් වැහිලා නැහැ

    මෙවර අයවැය දෙවර වර කියවීමේදී සාකච්ඡා වූ කරුණු සම්බන්ධයෙන් සිදු කළ සමීක්ෂණයක් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කෙළ්ය. මෙවර අයවැයෙන් 60% ක් කතා කරල තිබෙන්නනේ දේශපාලන කරුණු, ආර්ථික කරුනු සාකච්ඡා වී තිබෙන්නේ 40%ක් පමණයි.පැරණි දෙවල් ගැන 80%ක් සාකච්ඡා වීතිබෙනවා.

    ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම ගැන සාකච්ඡා වී තිබෙන්නේ 20%ක් පමණයි. රජය ගෙනා යෝජනා වැරදි නම් ඒ සඳහා විකල්ප යෝජනා ඉදිරිපත් කළ යුතුයි යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya