දුෂ්කර තීන්දු ගැනීමට සිදු වන බවත් ජනප්‍රිය නොවන තීන්දු ගැනීම නිසා අනාගතය හොඳ වන බවත් ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශ වැයශීර්ෂ විවාදයට එක්වෙමින් පැවසීය.
කොතනද ඉඩම් තියෙන්නේ මොකද වෙලා තියෙන්නේ කියලා දනේ නෑ. ආණ්ඩුවේ ඉඩම් ගැන විශේෂ අවධානය යොමු කරලා තිබෙන්නේ. ප්‍රදේශීය ලේකම්ට කැමැති විදියට ඉඩම් දෙන්න බෑ. අපි කොමිටියක් දානවා. බී- කලාපය සී -කලාපය එච් - කලාපයේ ඉඩම් ජනතාවට හරියට දෙන්න ඕන. රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල ගැන තීරණයක් ජනවාරි මස වන විට ගනිමු. විශ්ව විද්‍යාල ආරම්භ කරමු.
විදුලි ගාස්තු වැඩි කරන්න වෙනවා. අගෝස්තු වැඩි කළා. බිලියන 152ක් අලාභයක් ලැබෙන්න තියෙනවා. සම්පූර්ණ අලාභය බිලියන 300ක්. අපිට බිලියන 300ක් සොයන්න වෙනවා.විදුලි කප්පාදුවකට යාමට මම කැමති නැහැ. අකැමැත්තෙන් වුවද මෙය සිදු කළ යුතු බවත් , ඇතැම් ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගැනීමට වන බව ජනාධිපතිවරයා කීය.
ලබන වසරේ නියඟයක් ඇති වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. එවිට තවත් වැඩිපුර රුපියල් බිලියන 420ක් අවශ්‍ය වෙනවා. මේවා සොයන්නේ කොහොමද ? මුදල් මුද්‍රණය කරන්නද? එවිට රුපියල බාල්දු වෙනවා. වැට් වැඩි කළොත් ප්‍රශ්නයක් වෙනවා. තුන් වෙනුව තියෙන්නේ, ගාස්තු වැඩි කරන්න. මේකට ප්‍රශ්න තිබෙනවා. ජනතාවට තිබෙන බර දන්නවා. මොකක්ද තිබෙන විකල්පය ?. ඔක්කොම අතහරිනවද? රට ගැන හිතලා වැඩ කරන්න වෙනවා. ජනප්‍රිය නොවා තීන්දු ගන්න වෙනවා. ඒ නිසා අනාගතය හොඳ වෙනවා. ජනප්‍රිය තීන්දු ගත්ත නිසා අද මෙතන ඉන්නේ. අනෙක් රටවල් අමාරු තීරණ ගත්තා.අපි පැනලා ගියා. දැන් අහනවා මොකද කරන්නේ කියලා.
අපිට ඉතා දුෂ්කර තීරණ ගන්න වෙනවා. මේ රට ගොඩ ගනිමු. සභාව එකඟනම් ජනාධිපති කොමිෂමක් හා විශේෂ කාරක සභාවක් පත් කරගන්න පුළුවන්. සිදු වූ අඩපාඩු බලමු.විසඳුම් සොයමු. මහජන කොමිෂන් සභාවේ සභාපතිවරයා සම්බන්ධයෙන්ද තමාට පැමිණිලි කිහිපයක් ලැබී ඇතැයිද ජනාධිපතිවරයා සඳහන් කළේය