සහන ලබා දෙන අයවැයක් වෙනුවට ඉදිරි ආර්ථිකය ශක්තිමත් කරන අයවැයක් මෙවර ඉදිරිපත් කර ඇතැයි හෙතෙම සඳහන් කළේය. විදුලිබල කප්පාදුව නවත්වා අඛණ්ඩව විදුලිය ලබා දීමට රජය උත්සාහ කරන බවද හෙතෙම සඳහන් කළේය.
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලයේ විදුලි බලය අඛණ්ඩව ලබා දීමේ හැකියාවක් ඇතැයද යන්න පිළිබඳ සොය බලන කීය
විදුලි බිල වැඩි කරන්නේ යම් කිසි පදනමකිනි. පුනර්ජනනීය බලශක්ති සැපයුම්කරුවන්ට මෙම වසරේ පසුගිය ඔක්තෝම්බර් 31 වන දා වනවිට රුපියල් බිලියන 36ක් ගෙවීමට තිබේ. වහලය මත සූර්‍යපැනල සවි කළ පුද්ගලයන්ට රුපියල් බිලියන 3ක් ගෙවීමට ඇත. ඛනිජ තෙල් සංස්ථාවට ලබා දීමට ඇති මුදල රුපියල් බිලියන 50කි. මේ වනවිට ධාරිතාවේ අඩුවක් ද පවතියි. එනිසා දේශපාලන වාසි තකා අසත්‍ය පුවත් නිර්මාණය නොකරන්නැයි හෙතෙම විපක්ෂයෙන් ඉල්ලා සිටියේය.
දින 03ක 04 තිබූ ඉන්ධන පෝළිම් සහ විදුලි කප්පාදුව තිබුණා. අපෙන් හැම තිස්සේම ඇහුවේ මිළග තෙල් නෞකාව එන දවස ගැන. අද මේ තත්ත්වය පාලනය කර තිබෙනවා.ආණ්ඩුව හැටියට උත්සාහ කරන්නේ මේ විදුලි කප්පාදුව නවත්වලා අඛණ්ඩව විදුලි සැපයීමටයි''යැයි අමාත්‍යවරයා කීය