ඒකපුද්ගල ආදායම, උද්දමනය වැනි වැනි කරුණුත් සමග ගලපා දරිද්‍රතා රේඛාවෙන් පහළ සිටින ජනතාව පිළිබදව විද්‍යාත්මකව සොයාගැනීම මුදල් අමාත්‍යාංශය විසින් සහ මහා බැංකුව විසින් මෙ වනවිට සිදු කරනු ලබනවා. ඒ වගේම රජයෙන් ආධාර ලබාදියයුතු පිරිස හදුනාගැනීමට මේ වනවිට රජය විසින් පැහැදිළි සංගනනයන් කරගෙන යනවා . ඒ වෙනුවෙන් ජනතාව වෙතින්ම තොරතුරු ලබාගත් අතර තිස්හතර ලෂයක් ඉල්ලුම්පත් ඉදිරිපත් කර තිබෙනවා. රජයේ නිලධාරීන් විසින් අදාළ පුද්ගලයින්ගේ නිවෙස් වල ගොස්, සැබවින්ම ආධාර ලැබියයුතු කොටස් දැයි දැනගැනීමට ක්‍රියාත්මක වෙනවා. ඉන්පසු ලබන වසරේ අප්‍රේල් මාසය වනවිට එසේ ආධාර ලැබියයුතු පිරිස් වෙත ආධාර ලබාදීමට බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මේ විෂය භාරව සිටින අනුප පැස්කුවල් අමාත්‍යතුමා සම්පූර්ණ විස්තරයක් ඉතා නුදුරේදී ලබාදීමට බලාපොරොත්තු වෙනවා යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කරයි.
අද (08) පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදයට සහභාගි වෙමින් අමාත්‍යවරයා විසින් මේ බව පැවසුවේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා;
2023 අයවයහි සදහන් වන්නේ ප්‍රථිව්‍යුහත කිරීම් යනු ජාතික සම්පත් විදෙස් සමාගම් වලට විකිණීමක් නොවේ. එය පහත සදහන් පරිදි විවිධ ක්‍රමයන් යටතේ සිදුකළ හැක. ගැලපෙන පරිදි ආයතනයේ ව්‍යුහය කොටස් වලට වෙන්කර පාලනය කිරීමට සැලැස්වීම, එක සමාන කටයුතුවල යෙදෙන ආයතන ඒකාබද්ධ කිරීම, කලමනාකාරීත්වය රජය සතුව තබාගනිමින් ක්‍රියාකාරීත්වය පුද්ගලික අංශය පැවරීම, කලමනාකාරීත්වය පුද්ගලික අංශයට තබා ගනිමින් අනෙකුත් අංශ රජය සතුව ලබාගැනීම, කොටස් වශයෙන් හෝ සම්පූර්ණයෙන් බදුදීම, 49% ක් අන්සතු කිරීම, විනිවිදභාවයෙන් යුතු ක්‍රමවෙදයක් යටතේ ආයතනය වෙන්සමාගමක් වෙත පැවරීම. රජය සතුව මේ ගනයට වැටෙන ආයතන 430 ක් පමණ ඇත.
එම සමාගම් වෙනුවෙන් රජය විසින් වාර්ෂිකව වැයකරන මුදල් පහත පරිදිය. 2017 - රු.බි.318, 2018- රු.බි. 307, 2019 - රු.බි. 395, 2020 - රු.බි.545, 2021 - රු.බි. 367. 2021 වසරේ අධ්‍යාපනය සදහා වූ මුලු වියදම රු. බිලියන 445. 2021 සෞඛ්‍ය සදහා රුත බිලියන රු. 375. මේ වනවිට විදේශ විනිමය සංචිතය නාමිකව ඩොලර් බිලියන 1.6 කි. රුපියලේ වටිනාකම මේ වසරේදී විශාලතම වශයෙන්, 80% කින් අව ප්‍රමාණය විය. පසුගිය අප්‍රේල් මාසයේදී අප තාවකාතිකව ණය නොගෙවනවායැයි අදහස් කොට මාස 08 කට ආසන්නය විනිමය හිගය තුළින් පැන නැගුන උග්‍ර ආනයන භාණ්ඩ හිගය, මිනිසුන් මැරී වැටුණ සැලපුම් ගණන දිග තෙල් පෝලිම්, ගෑස්, පොහොර පෝලිම්, ඖෂධ හිගය අපට මත ඇත. දැනටත් සපුරා විසදී නෙැමැති කරුණූ සහා අප ස්ථීර විසදුම් සෙවිය යුතුය.
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් පසුගියදා නිකුත් කළ වාර්තාවක සදහන් වූයේ වයස 16 - 22 අතර ප්‍රජාවගෙන් 78.2% අවස්ථාවක් ලැබුණොත් රට හැර යමට කැමැත්තෙන් සිටින් බවයි. උගතුන් රට හැර යම අවාසනාවන්ත තතත්වයකට පත්ව ඇත.
2021 දී තුන්ලක්ෂ අසූ දෙදහස් පන්සියයක් විදේශ ගමන් බලපත්‍ර ලබාගෙන ඇති අතර 2022 සැප්තැම්බර් වනවිට එම සංඛ්‍යාව හත්ලක්ෂයක් දක්වා එය වර්ධනය වී තිබේ. අප දිගින් දිගටම ගෙන ඇති ගතානුගතික ප්‍රතිපත්ති ගැන අප ආපසු හැරී බැලියයුතු නොවේද. නොපෙනෙන ආර්ථික ගොහොරුව ඔවුන් මෙම මානසිකත්වයට පත්කර ඇති බව අප කවුරුත් පිළීගත යුතුය. ඉතා අසීරුවෙන් රැකගෙන ඇත්තේ සැබෑ සම්පත්දැයි විමසීමට කාලය පැමිණ ඇත. ලෝකයේ දියුණූ රටවල් සමග බලන විට පුද්ගලික අංශයට සාපේක්ෂව රාජ්‍ය අංශය 200% කින් ඉහළ අගයක් පෙන්වයි. නමුත් දියුණූ රටවල සංකල්පය වී ඇත්තේ රජය ව්‍යාපාරයන්හි යෙදී නොව විශේෂ ක්ෂේත්‍රයන් නිසි පරිදි නියාමනය කරමින්, ආයතන ලබාගන්නා ලාභයෙන් ඉහළ කොටසක් රජය ලබාගැනීමයි.
ප්‍රතිව්‍යුහගතකිරීමකදී වැදගත්යැයි රජය පවසන කරුණු නම්, පැහැදිළී විනිවිදභාවය, මෙතෙක් එම ආයතනයන්ගෙන් ජනතාව ලද සේවය වඩාත් දියුණූ තලයකට ගෙනයාම, රැකියාවන් හා සේවක අයිතිවාසිකම් සුරැකීම්, ජාතික ආර්ථිකයට ආරක්ෂාවට රිනාත්මක බලපෑම් ඇති නොවීම, සෘජු නියාමනයක් රජය විසින් පවත්වාගෙන යාම, ආයතන පවත්වාගෙන යාමේ බර ජනතාව වෙත පැටවීම වෙනුවට ලාභයෙන් සාධාරණ කොටසක් බදු ලෙස රජය වෙත ලබාගැනීම, විදේශ සංචිත වර්ධනය කරගැනීම සහ එමගින් රුපියලේ අගය නැවතත් ශක්තිමත් කරගනිමින් රටින් ගෙන්වන බඩුවල මිල අවම කරගැනීම.
රටක විදුලිබල නිෂ්පාදනය මිශු ජනන පද්ධතියක් තුළ ක්‍රියාත්මක කිරීම, එහි ස්ථාවර බව රැකගැනීමට හේතුවන බව පිළිගත් මතයයි. ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය දියුණූ කළයුතු බව අවිවාදාත්මක කරුණකි. මෙවැනි අංශ වැඩි දියිණූ කරනවා වෙනුවට සිදුකරන කාර්යය ඉතා බරපතල වී තිබේ. කුඩා ජලවිදුලි බලාගාර හා සූර්ය බලාගාර සහ සුළං බලාගර වෙත ලංවිම විසින් සිදුකළ යුතු ගෙවීම් වසරකින් සිදුකර නොමැත. එය රු. බිලියන 36ක් පමණ වේ. රට වටා මහා සාගරයක් ඇති රටක් හැඑියට මුහුදු රළ හ පීඩනය මගින් විදුලිය නිපදවීම වැනි නව තාක්ෂණය ගැන සිතීමටවත් මෙම තත්ත්වය යතේ නොහැකිවීඇත. ජනප්‍රිය සංකල්ප වලින් මිදී අප සිහියට ගතයුත්තේ, වෙන කිසිදු කලෙක සිදුනොවූ පරිදි අප මේ වසරෙදී ආර්ථික අවපාතයකට වැටී ඇති බවයි. වර්ථමාන රජය විසින් ගත් විවිධ යහපත් මූල්‍ය කලමණාකාරණ තිරණ නිසා ජනතාව මුහුණ දුන් අසීරු ගැටලු කිහිපයක් යම් දුරකට විසදුන නමුත් තවදුරටත් අප සිටින අසීරු තත්තවය තේරුම්ගෙන ස්ථිරසාර ආර්ථිකයන් සදහා ගතයුතු ප්‍රායෝගික තීරණ ගතයුතුව ඇත. මෙම තීරණ කෙතරම් අසීරු වුවත් අනාගතය වෙනුවෙන් ඒවාට මුහුණ දිය යුතුවම ඇත.
ඒ අනුව 2022 අයවැය කතාව තුලදී ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රථව්‍යුහගත කිරීම යෝජනාවී ඇති අතර ඒ සදහා මේ වනවිට ප්‍රථිව්‍යුහගත ඒකකය මගින් සිදුවෙමින් පවතී. විදුලිය සදහා නිෂ්චිත මිල ක්‍රමයක් නොමැති බැවින් ලංවිම බිලියන රු. 304 සමුච්චිත අලාභයක් ලබා ඇති අතර ඛනිජ තෙල් සංස්ථාවට, බැංකු වලට බිලියන 147 ක වැනි ණයක් ගෙවීමට නොහැකි වී තිබේ. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් රජයවිදුලිබලමණ්ඩලය ප්‍රථිව්‍යුහගත කිරීම සැලසුම් කරමින් සිටී.
මේ සම්බන්ධයෙන් පත්කළ විශේසඥ කමිටු වාර්ථාව ක්‍රියාවට ගැනීමට තීරණය කර තිබේ. එ අනුව විදුලිබල පනතක් සකස් කිරීම, සමාගම් 8 ක් පිහිටුවීම, එකක් පුන්ජනනීය බලශක්තිය සදහාම වීම, සියලු සේවකයන්ගේ රැකියා සුරක්ෂිතතාවය වෙනුවෙන්ම අත්‍යාවශ්‍ය පුද්ගලයින් පමණක් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක වනු ඇත. නව පනත යටතේ විදුලිය සදහාම පමණක් නියාමන සභාවක් පිහිටුවන අතර එහි ප්‍රධාන අරමුණ පාරිභෝගික ආරක්ෂාවයි යැයි පැවසීය.