පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    විදේශ විනිමය සම්බන්ධ වංචා සෙවීමට විශේෂ කමිටුවක් පත්කරන්න - අධිකරණ ඇමති

    දෙසැම්බර් 08, 2022

    හොර තක්කඩි ව්‍යාපාරිකයින්ගෙන් රට බේරා ගැනීමටත් මත් ද්‍රව්‍ය වලින් තරුණයින් බේරා ගැනීමටත් පක්ෂ භේදයකින් තොරව සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු යැයි අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අද (08) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    මුදල් අමාත්‍යංශ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් අධිකරණ අමාත්‍යවරයා මේ බව පැවසීය.

    විදේශ විනිමය සම්බන්ධ වංචා සෙවීමට විශේෂ කමිටුවක් පත් කරන්නැයි තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව අධිකරණ අමාත්‍යවරයා කීය.

    මාසයකට වැඩි කාලයක් පුරා පැවති 2023 අයවැය විවාදයෙන් වැඩි වශයෙන් සාකච්ඡා වූයේ, ආර්ථිකය බංකොළොත් වීම ට හේතුව සහ ඊට වගකිව යුත්තෝ කවුද කියන එක සම්බන්ධවයි. 2019 පැවති රජයයේ බදු ප්‍රතිපත්තිය වෙනස් කිරීම නිසා විශාල පාඩුවක් වුණා. පොහොර ප්‍රතිපත්තිමය තීරණය නිසාත් මෙරට ආර්ථිකයට විශාල බලපෑමක් වුණා. 2019 වසරේ ආණ්ඩු මාරු වන විට , එවකට පැවති විදේශ විනිමය පාලනය කර ගැනීමේ
    ක්‍රමයක් මහබැංකුවේ නොතිබූ බවත් ,රුපියල අවප්‍රමාණය වීම වැළැක්වීම සඳහා ශ්‍රි ලංකා මහ බැංකුව ඩොලර් බිලියන 02ක් විදේශ විනිමය වෙළෙඳපළට මුදා හැර තිබෙනවා. මෙම හේතු ආර්ථිකය බංකළොත් වීමට බලපෑ බවද හෙතෙම පෙන්වා දුන්නේය.

    වර්තමාන මහ බැංකු අධිපතිවරයා ලොකුම ව්‍යාපාරිකයින්ගෙන් 100 දෙනාගෙන් වාර්තා කැඳවා තිබෙනවා. ව්‍යාපාරිකයින් 53 දෙනෙකු පමණයි එම වාර්තා ලබා දී තිබෙන්නේ. එම වාර්තාත් සම්පූර්ණ නැහැ. අයිස් වැනි විවිධ මත්ද්‍රව්‍ය වලට දරුවන් යොමු කරමින් රට විනාශ කිරීමේ විශාල කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙන බවද කීය. අද තිබෙන ආර්ථික ප්‍රශ්නයට වඩා බරපතල තත්වයක් තමයි තරුණ තරුණියන් මෙලෙස මත්ද්‍රව්‍ය වලට යොමු වීම.පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මත් ද්‍රව්‍ය වැළැක්වීම සඳහා මූලිකත්වය ලබා දිය යුතු බවත් අමාත්‍යවරයා පැවසීය .

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya