විදේශ විනිමය පාලනය සඳහා නව පනතක් ගෙනා යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේ, අද (08) මුදල් අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයට අඳහස් දක්වමිනි
මෙතෙක් කලක් රට සල්ලි පාලනය කිරීම සඳහා විදේශ විනිමය පාලන පනතක් තිබුණා. සිරිමාවෝ මැතිණියගේ කාලයේ මෙය දැඩි ලෙස ක්‍රියාත්මක වුණා. එහෙත් කුමාරස්වාමි මහතා ඇවිත් මෙම මුදල් පාලන පනත සම්පූර්ණයෙන්ම ලිහිල් කළා. පාලන කියන වචනය දාන්න බෑ කියලා රණ්ඩු වුණා. මම මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පවා ගියා. මෙම අපරාධය රටට කරන්න එපා කිව්වා යැයිද හෙතෙම පෙන්වා දුන්නේය.
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීම සඳහා 2023 වසරට පමණක් රුපියල් බිලියන 1002ක් වැය වෙනවා. රාජ්‍ය ණය පොළිය සඳහා 2192 තිබෙනවා. එවිටම රුපියල් 3195ක් යනවා,මේවාට විතරක්. මුළු ආදායම ඉවරයි. සමහර අය හිතෙනවා දේශපාලන වෙනසක් කරාම මෙම ගැටලුව විසඳන්න පුළුවන් කියලා. අපිට වැරදී ඇති බව තෙරුම් ගත යුතුයි. අපේ ආයෝජකයන් ඇයි පිටතට යන්නේ. අපි ගැඹුරින් කතා කළා නම් අපිට විසඳා ගත යුතුයි. පුපුරන්න ආසන්න ණය කන්දක් උඩ තාත්චියක් තබාගෙන සොසේජස් බැඳගෙන කන ජාතියක් බවට පත් වෙලා.සිස්ටම් එක ක්‍රියාත්මක නැත්නම් කවුරු ආණ්ඩු කළත් අපේ ණයවර ලිපි ලෝකය පිළිගන්නේ නැත්නම් අපි තෙල් ගේන්නේ කොහොමද? කොහොමද බෙහෙත් ගේන්නේ? මෙයට උත්තරයක් සෙවිය යුතුයි.
දේශපාලන භේදයකින් තොරව පාර්ලිමේන්තුවක් ලෙස හරි ආර්ථික තින්දු ගන්නා ක්‍රමවේදයකට යා යුතු බවත් දේශපාලන ප්‍රශ්නයකට දේශ්පාලන විසඳුමක් හරි ගියාට ආර්ථික අර්බුදයට දේශපාලන විසඳුමක් හරි නොයන බවත් ආර්ථික අර්බුදයට ආර්ථික විසඳුමක් වෙනුවෙන් එකතු වී වැඩකරමු යැයි ද අමාත්‍යවරයා පැවසීය.