ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    මෙම ආර්ථික අර්බුදය නව අවස්ථාවක් කර ගත යුතුයි - විදේශ කටයුතු අමාත්‍ය

    දෙසැම්බර් 08, 2022

    ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කෙරෙන සාකච්ඡාවල දී පැරිස් සමාජයේ රටවල් ඇතුළුව, ඇමරිකාව, චීනය සහ ඉන්දියාව ඉතා හොඳ ප්‍රතිචාර ලබා දී ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අද (08) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    මුදල් අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් අලි සබ්රි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉතාම සංවේදීව සහ ඉතාමත් ඕනෑකමින් කටයුතු කරන බවට චීනය දෙවතාවක්ම ප්‍රකාශ කර තිබෙනවා. ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යවරයා ඊයේ දිනයේදී පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ශ්‍රී ලංකා ව සඳහා උදව් කිරීම යුතුකමක් බව ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව ඉතා ඉක්මනින් ණය ප්‍රතිව්‍යහගත කිරීම ආරම්භ කළ හැකි වනු ඇතැයිද අලි සබ්රි මහතා පැවසීය.

    ජනප්‍රිය නොවන අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මෙරටට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා ජනාධිපති රන්ල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වී ඇතැයි කීය. අපට මෙම ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කළ යුතුම බවත් තවත් පරපුරකට මෙම තත්වය ඉතිරි කළ නොහැකි යැයිද හෙතෙම සඳහන් කළේය.

    නිදහස් අධ්‍යාපනය සඳහා යම් යම් තීන්දු තීරණ ගත යුතු බවත් , අපනයනය පාදක කරගත් ආර්ථිකයක් ගොඩ නැගීම සඳහා බලශක්තිය තරගකාරී මුදලකට ලබා ගැනීම සඳහා අසීරු තීන්දු තීරණ ගැනීමට සිදුවන බවද බලශක්ති අමාත්‍යවරයා පැවසීය.

    මෙම ආර්ථික අර්බුදය නව අවස්ථාවක් කර ගත යුතු බවද හෙතෙම පෙන්වා දුන්නේය.

    අද අපි හොඳම දරුවෝ ටික අපි විශ්ව විද්‍යාලයට ගෙන්වා ගන්නවා. එහෙත් දේශපාලන වශයෙන් ඔළුව හෝදලා පාරට බස්සනවා. එළයට ආපුහම ඔවුන්ට රැකියා නැහැ. ස්කිල් එකක් නැහැ. ඉංග්‍රීසි දැනුමක් නැහැ.අන්තිමට ඔවුන්ම රැකියා විරහිත උපාධාධාරින් කියලා හදාගෙන නොමිලයේ රස්සාවක් ඉල්ලනවා. හත් ලක්ෂයක් ඉන්න රාජ්‍ය සේවයට අද පහළෝස් ලක්ෂයක් බඳවාගෙන තිබෙනවා''යැයි ද පැවසීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya