මුදල් අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ අද (08) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් ශෙහාන් සේමසිංහ අමාත්‍යවරයා මේ බව පැවසීය.
පැවති අපහසුතා වලින් ජනතාව මුදවා ගැනීම මිස කිසිදු දේශපාලන අරමුණකින් මෙවර අයවැය ඉදිරිපත් නොකළ බවද හෙතෙම අවධාරණය කළේය.
දේශපාලනික වශයෙන් ජනප්‍රිය තීන්දු ගත්තානම් , මැතිවරණයකට ගියහම එම තීන්දුව අපව ජනප්‍රිය කරනු ඇති බවත් එහෙත් අප ගත්තේ ආර්ථික වශයෙන් රට ස්ථාවර කරන තීන්දු බවද හෙතෙම පැවසීය.
රට ස්ථාවර කිරිම සඳහා අවශ්‍ය යෝජනා මෙවර අය වැය විවාදයේදී විපක්ෂයෙන් නොලැබුණු බවද පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ,සිගරට්ටුවක මිල වැඩි කරමින් ආර්ථිකය යථා තත්වයට ගන්න පුළුවන් තැනක අද රට නොමැති බවයි. අද මාස කිහිපයකට කළින් තිබූ තෙල් පෝලිම් නැහැ., උද්ධමනය මෙම මාස දෙකේ දී යම් ප්‍රමාණයකින් අඩු වී තිබෙනවා. මිල සම්බන්ධයෙන් ගැටලුවක් තිබුණත් සැපයුම් ජාලය අද අඛණ්ඩව තිබෙනවා. අමාත්‍යවරයා කීය.
අනෙකුත් රටවල් ණය ප්‍රතිව්‍යහගත කිරීමේ ක්‍රියාමාර්ගයේචී අනුගමනය කළ ක්‍රියාමාර්ග අපේ රටත් අනුගමනය කර තිබෙනවා. මේ සඳහා ඇෂුවරන්ස් එකක් ලබා ගැනීමේ වැඩපිළිවෙළ මේ වන විට ක්‍රියාත්මක වෙනවා. පැරිස් ක්ලබ්, චීනය, ජපානය මේ සියළු රටවල් මේ වන විට සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. එම වැඩපිළිවෙළ මේ වන විට ක්‍රියාත්මක වෙනවා.
රටේ රාජ්‍ය ආදායම කෙරෙහි වැඩි ආවධානයක් යොමු කර තිබෙනවා. අතුරු අයවැයේ දී ප්‍රතිසංස්කරණ රැසක් කළා. රාජ්‍ය ආදායම වැඩි වී තිබෙනවා. මේ ප්‍රශ්නය කළමනාකරණය කිරීම රටට ජනතාවට කරන අසාධාරණයක් කියලා කියනවා නම් කවුද මේ අර්බුදයට විසඳුම් දෙන්නේ. විවේචනය සුභවාදිව ගන්න සූදානම්. මේ රජය රට භාර ගත්ත කණ්ඩායම වග කීම ඉටු කරන්න සහාය ලබාදීම අවශ්‍ය වෙනවා. මේ අර්බුදය ස්ථායීකරණය කිරීම අර්බුදයේ අවසානය නොවේ. අපි වගකීමෙන් කටයුතු කරමු. මෙය සම්ප්‍රදායික අයවැයක් නොවේ. අමාරු ප්‍රතිසංස්කරණ,කෙටි කාලීන ප්‍රතිසංස්කරණ දීස්ඝකාලීන වැඩපිළිවෙලක් වෙනුවෙන් සහාය ලබාදෙන්න යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.