අය වැය තෙවැනිවර කියවීමට පක්ෂව ඡන්ද 123ක් ලැබුණු අතර විපක්ෂව 80 ක් ඡන්ද ලැබුණි. වැළකී සිටි ගණන 02කි.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක,පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඡන්දය ඉල්ලා සිටියේ ය
අය වැය කාරක අවස්ථාවේ දී සළකා බලා සංශෝධන සහිතව සම්මත වූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේ ය.
2023 වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ සමාරම්භක කථාව (අයවැය කථාව) ජනාධිපති සහ මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් නොවැම්බර් (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
නොවැම්බර් 15 දින සිට අයවැය දෙවැනිවර කියවීමේ විවාදය ඇරඹිනි. විසර්ජන පනත් කෙටුම්පත 2023 දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් (22) සිදු විය . අයවැය දෙවැනිවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වූ අතර අයවැයට පක්ෂව ඡන්ද 121 ලැබුණු අතර විපක්ෂව ඡන්ද 84 ලැබුණි.
විසර්ජන පනත් කෙටුම්පත 2023 කාරක සභා අවස්ථාවේ විවාදයේ ( වැය ශීර්ෂ ) නොවැම්බර් (23) ආරම්භ විය. කාරක සභා අවස්ථාවේ විවාදය දින 13ක් පැවැත්විණ.
කාරක සභා අවස්ථාවේ විවාදයේ 13 වැනි දිනය වන අද මුදල්,ආර්ථික ස්ථාපීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට ගත්තේ ය.