මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    “මැන්ඩවුස්” සුළි කුණාටුව ත්‍රිකුණාමලය සිට කි.මී. 300ක් ඊසාන දෙසින්- අහස වලාකුලින් බරව පවතී

    දෙසැම්බර් 09, 2022

    නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ (ත්‍රිකුණාමලය සිට කි.මී. 300ක් පමණ ඊසාන දෙසින්) ස්ථාපිත වී පවතින “මැන්ඩවුස්” සුළි කුණාටුව පෙ.ව. 08.30 වන විට අක්ෂාංශ 9.5N සහ දේශාංශ 83.8Eආසන්නයේ ස්ථානගතව පැවතුනි. මෙම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කර දෙසැම්බර්09 රාත්‍රී කාලය වනවිට නිරිතදිග බෙංගාල බොක්ක හරහා උතුරුතමිල්නාඩු, පුදුචේරි සහ දකුණු ආන්ද්‍ර ප්‍රදේශ්වෙරළ තීරය හරහා ගමන්කිරීමට බොහෝදුරට ඉඩ තිබෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතී. උතුරු පළාතේ නිරන්තර වැසි ඇති වන අතර ඇතැම් ස්ථාන වලට මි. මි. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක.

    සබරගමුව පළාතේ සහ ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වල විටින් විට වැසි ඇති වේ. බස්නාහිර සහ වයඹ පළාත් වලත්, නුවර එළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැක.

    උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, සහ මධ්‍යම පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (60-70) පමණ තද සුළං බලාපොරොත්තු වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya