විශේෂයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවත්,ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විමසිමෙන් පසුව රජයෙ සහ රජයේ අනුබද්ධ පාසල් නිවාඩු දිනයක් ලෙස පත් කළ බවද අමාත්‍යවරයා පැවසීය.
වායු ගෝලයේ පවතින දූලි අංශුවල ප්‍රමාණය ඝණත්වය වැඩිවීම නිසා, තිබුණු තත්ත්වය මාධ්‍ය මඟින් වාර්තා කර තිබූ බවත්, මේ හේතුව නිසා දරුවන් පාසල්වලට ගොස් යම් අසාත්මිකතාවක් ඇතිවීම වැළැක්වීම සඳහාත් කුණාටුවෙන් යම් හානියක් වේ යැයි පදනම සළකා පූර්ව ආරක්ෂක පියවරක් හැටියට අද එම නිවාඩුව ලබාදුන් බවද අමාත්‍යවරයා කීය.
ආණ්ඩුව ඇයි දරුවන්ට නිවාඩු දුන්නේ කියලා අතිරේක පන්ති තියෙන අය කල්පනා කර තමගේ කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය