ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    ආර්ථික තත්ත්වය ස්ථාවර වූ වහාම මාධ්‍යවේදින් සහ කලාකරුවන් වෙත යළි සහන ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මකයි

    දෙසැම්බර් 09, 2022

    ආර්ථික තත්ත්වය ස්ථාවර වූ වහාම මාධ්‍යවේදින් සහ කලාකරුවන් වෙත ලබාදෙන සහන ණය යෝජනා ක්‍රමය නැවත ක්‍රියාත්මක කරන බව මුදල් හා ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අද (09)පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    දැනට තිබෙන මූලික අවශ්‍යතාව ආර්ථික තත්වය ස්ථාවර කිරීම සහ ජනතාව මුහුණ දෙන ගැටලු වලින් ඔවුන් මුදවා ගැනීමයි.

    ආර්ථිකය ස්ථාවර කර ගන්නා තෙක් මෙවැනි ණය යෝජනා ක්‍රියාත්මක කිරීම අපහසු බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. ආර්ථිකය යථා තත්වයට පත් වූ වහාම නැවත මෙවැනි ණය යෝජනා සහ දිරි ගැන්වීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට හැකි බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya