එම පිරිස රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනයන්හි පවතින පුරප්පාඩු බලා එම පුරප්පාඩු වලට අනුයුක්තර කර ස්ථිර කර අදාළ වැටුප් තලයේ පිහිටුවන බවද හෙතෙම පැවසීය.
රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනයන්හි පවතින පුරප්පාඩුවලට මෙම සභිකයන් අනුයුක්ත කර ස්ථිර කිරීමෙන් පසු බහුකාර්ය කාර්ය සාධක බලකාය විසුරුවාහැරීමට කටයතු කරන බවද හෙතෙම කීවේය.
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පත්කළ මන්ත්‍රී මයන්ත දිසානායක මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
වෛද්‍ය වාර්තාවකට අනුව මෙම පිරිසට මසකට නිවාඩු දෙකක් ලබාදුන් ක්‍රමවේදයට මේ මස සිට වෙනස් කර එම නිවාඩු දෙක අනෙක් අයට ලබාදෙන සාමාන්‍ය නිවාඩු දෙකක් ලෙස ලබාදීමට ද පියවර ගෙන ඇතැයිද හෙතෙම කීවේය.
භාෂා තුනෙන්ම පුවත්පත්වල දැන්වීම් පළ කරමින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සම්මුඛ පරික්ෂණ පවත්වා පුහුණුලාභීන් ලෙස 39091ක් බඳවා ගත් බවත් විවිධ හේතුමත සේවය හැරගිය, මියගිය හා සේවයෙන් ඉවත් කළ පිරිස හැර 2022-12-02 වන දින වන විට 32040 දෙනෙකු සේවයේ යෙදී සිටින බවත් ඒ මහතා කියා සිටියේය.
මෙලස බඳවා ගත් පිරිස රාජ්‍ය අංශයේ ප්‍රාථමික ශ්‍රේණි තනතුරු 304ක සේවා අවශ්‍යතා ඉටු කිරීම සඳහා ක්ෂේත්‍ර 09ක් යටතේ බඳවා ගත් බව පැවැසූ රාජ්‍ය ඇමැතිවරයා, කෘෂිකර්ම, පශුසම්පත් හා පාරිසරික සේවා, සෞඛ්‍ය අංශ සහයක සේවා, සත්කාරක සේවා, විදුලි කාර්මික හා බලශක්ති සේවා, වඩු කාර්මික, පෙදරේරු සහ කාර්මික සේවා, ආරක්ෂක සේවා, කාර්යාල කාර්ය සහයක සේවා හා රියදුරු සේවා ලෙස රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පළාත් සභා යටතේ පවතින ආයතනවල පවතින අවශ්‍යතා සඳහා අනුයුක්ත කරන බව ප්‍රමිත බණ්ඩාර මහතා පැවසීය.
දැනට පවතින ආර්ථික තත්ත්වය මත නැවත බඳවා ගැනීම් කිරීමට තීරණයක් අරගෙන නැතැයි ද ඒ මහතා කීවේය. මෙලස බඳවා ගන්නා ලද ඇතැම් පිරිස් ආයතනවල ගොස් ටයි කොට් හැඳගෙන කරන රැකියාවක් ලෙස හැසිරෙන්න උත්සහ ගන්නා බව පැවැසූ රාජ්‍ය ඇමැතිවරයා, ඔවුන් බඳවා ගත් කාර්ය අවබෝධ කරගෙන වැඩකළ යුතු බව පැවසීය.