ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    භික්ෂු කතිකාවත සඳහා අර්ථ නිරූපණයක් සකස් කිරීම වැදගත් කාරණාවක්

    දෙසැම්බර් 09, 2022

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ප්‍රමුඛස්ථානයක් ලබා දී ඇති නමුත් ඒ සඳහා අර්ථ නිරූපණයක් තවමත් සිදු ව නොමැති බවත් භික්ෂු කතිකාවත සඳහා අර්ථ නිරූපණයක් සකස් කිරීම වැදගත් කාරණාවක් වන බවත් බම්බලපිටිය සිරි වජිරාරාමාධිපති, අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහානිකායේ මහානායක ශාස්ත්‍රපති ත්‍රිකුණාමලයේ ආනන්ද මහනාහිමියෝ පැවසූහ.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (9) පැවති විහාර දේවාලගම් ආඥා පනත හා ථේරවාදී භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පත සංශෝධනය කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වෙමින් උන්වහන්සේ මේ බව පැවසූහ.

    විහාර දේවාලගම් පනතට වඩා භික්ෂු කතිකාවට ප්‍රමුඛතාවය ලබා දිය යුතු බවත් නිකායික සංඝ සභාවක තීරණයක් බලාත්මක කිරීමට නීතියක් නොමැති බැවින් මෙම කතිකාවත මඟින් එම කාර්යය සිදු කෙරෙනු ඇති බවත් නාහිමියෝ වැඩිදුරටත් පැවසූහ.

    සංඝාධිකරණයක අවශ්‍යතාවය පෙන්වා දුන් උන්වහන්සේ , මෙම කතිකාව තුළින් ගිහියන් භික්ෂූන් වහන්සේ පාලනය නොකරන බවත් සියලු තීන්තු තීරණ සංඝයාවහන්සේලා සතු බවත් නිකායන්වලට අමතරව සියලු පාර්ශ්වයන් සඳහා පොදු කතිකාවතක් සකස් කිරීම ද කාලීන අවශ්‍යතාවයක් වන බවත් පෙන්වා දුන්හ.

    මෙම අවස්ථාවට රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පූජ්‍ය අකුරැටියේ නන්ද නාහිමි සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ පුජ්‍ය අනුනායක නැදගමුවේ විජයමෛත්‍රී නාහිමියන් එක් වූ සේක.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya