රට ආර්ථික අර්බුදයකට වැටී සිටින අවස්ථාවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ඒ සඳහා ගත යුතු ප්‍රතිපත්තිමය තීරණ ගනිමින් සිටින බවත් මෙරට විදේශ විනිමය වත්කම් සහ සංචිත ප්‍රමාණය බිලියන 03කට වැඩි කර ගත්තේ නම් කුමන ආණ්ඩුවක් තිබුණත් රට පරාද වෙන තත්ත්වයට පත්වෙන බවත් හෙතෙම කීය.
2023 වර්ෂයට රාජ්‍ය සේවක වැටුප සඳහා රුපියල් බිලියන 1002 ක් වෙන් වී තිබෙනවා. ණය සඳහා පොළිය ලෙස රුපියල් බිලියන 2193 තිබෙනවා. මේ ඔක්කොම ටික ගත්තත් මේ රට දුවන්න බැහැ නේද? 1990 වෙනකල් ලංකාවේ ආණ්ඩුවේ දළ දේශීය නිෂ්පාදනයෙන් 20%කට වඩා වැඩි ප්‍රමාණයක් ලබා තිබෙනවා. ඇතැම් ප්‍රායෝගික යෝජනා රටට කොතරම් ඵලදායි වුණත් ඇමතිවරයාට ක්‍රියාත්මක කළ නොහැකි අවස්ථා තිබෙනවා.
අපි හිතෙනවා ඇමතිවරයෙකුට ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියලා. නමුත් එහෙම බැහැ. එදා මම වෙළෙඳ අමාත්‍යවරයා ලෙස ඉද්දී සීනි බද්ද සත 25ට අඩු කළා කියලා මම දන්නේ ප්‍රවෘත්ති වලින්. මම මේ සම්බන්ධයෙන් බරපතල ලෙස විරුද්ධ වුණා. එවකට ජනාධිපතිවරයාගේ උපදේශකයෝ මෙම බද්ද වෙනස් කරන්න කැමති වුණේ නැහැ. කැබිනට් මණ්ඩලයට ඕනෑ දෙයක් කරන්න බැහැ. මේක තේරුම් ගත යුතුයි. මේ ඇත්ත ජනතාව දන්නේ නැහැ'' යැයි ද අමාත්‍යවරයා පැවසීය