72 වන නාවික හමුදා දිනය වෙනුවෙන් විශේෂ ප්‍රකිශයක් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
දුෂ්කර බාධා මධ්‍යයේ, අපගේ මාතෘ භූමිය අභිමානවත් යුගයක් කරා ගමන් කරවීමේ පෙර ගමන්කරුවෙකු වශයෙන්, ශ්‍රී ලංකා නාවික හමුදාව ලක් ඉතිහාසය තුළ ඉටුකර ඇති සුවිශිෂ්ඨ කාර්‍යභාරය තමා අගය කරන බවද හෙතෙම පැවසීය.
මාතෘ භූමියේ නිදහස සහ ස්ථිරසාර සාමය වෙනුවෙන් ත්‍රස්තවාදීන් සමග ඉතා නිර්භීතව සටන් වැද තම තරුණ ජීවිත පරිත්‍යාග කළ සහ ආබාධිත වූ සියළුම නාවික හමුදා නිලධාරීන් ඇතුළු ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඉතා ගෞරව බහුමානයෙන් යුක්තව සිහිපත් කිරීමටත් ඔවුනට මාගේ ගෞරව ප්‍රණාමය පුදකිරීමටත් මෙය අවස්ථාවක් කර ගන්නව. නීති විරෝධී සංක්‍රමණ, අනවසර මතස්‍ය කර්මාන්ත සහ නීති විරෝධි භාණ්ඩ ප්‍රවාහනය වැලැක්වීම, මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම්, ගැඹුරු මුහුදේ ආවේක්‍ෂණ මෙහෙයුම් සහ විශේෂයෙන්ම වරාය සහ වෙරළ තීරයේ ආරක්‍ෂාව, ක්‍ෂණික ප්‍රතිචාර මුදවා ගැනීමේ ඇතුළු සහන සේවා රාජකාරී සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සිදු කරන මෙහෙය අගය කිරීමට මම මේක අවස්ථාවක් කරගන්නවා. කොවිඩ් වසංගතය, ස්වභාවික ව්‍යසන, හදිසි ආපදා මෙන්ම ජාතික ආරක්‍ෂාවට තර්ජන පවතින අවස්ථාවන්හිදී ඉතා සක්‍රීයව දායක වෙමින් මවුබිමේ සාමය, සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම උදෙසා අප්‍රමාණ සේවයක නිරත වූ වර්තමාන නාවික හමුදාපති සහ සියළුම නාවික හමුදා නිලධාරින් රාජ්‍ය අමාත්‍යවරයා සිය ප්‍රශංසාව පුද කළේය.