එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේ සළකා බලා තෙවැනි වර කියවා සංශෝධන සහිතව සම්මත වූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සභාවට නිවේදනය කළේ ය.
පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 82 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 52 ක් ලැබුණි. පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සම්මත වූ බව කතානායක මහින්ද අයාපා අබේවර්ධන මහතා සභාවට නිවේදනය කළේ ය. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ඡන්දයක් ඉල්ලා සිටියේ ය.
විපක්ෂය විසින් පනත් කෙටුම්පත තෙවැනිවර කියවීම සඳහා ද ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර කතානායකවරයා විසින් ඒ සඳහා අවස්ථාව සළසා දෙන ලදී. ඒ අනුව තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්විණි.
ඒ අනුව තෙවැනි වර කියවීමට පක්ෂව ඡන්ද 82 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 41 ක් ලැබුණි.
ඒ අනුව තෙවැනි වර කියවීම සංශෝධන සහිතව සම්මත වූ බව කතානායකවරයා සභාවට නිවේදනය කළේ ය. එකතු කළ අගය මත බදු (සංශෝධන) සහ දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත් අද විවාදයට ගැනිණි.