ඒ අනුව පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේ දී සළකා බලා සංශෝධන සහිතව සම්මත වූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේ ය.
පනත් කෙටුම්පත සඳහා විපක්ෂය විසින් ඡන්දයක් ඉල්ලා සිටියේ ය. ඒ අනුව ඡන්දය විමසීම සිදු කළේ ය. පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 83 ක් ලබුණු අතර විපක්ෂව ඡන්ද 41 ක් ලබුණි. ඒ අනුව පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සම්මත වූ බව කතානායකවරයා නිවේදනය කළේ ය.
පනත් කෙටුම්පත තෙවැනිවර කියවීම ඡන්දයක් විපක්ෂය විසින් ඉල්ලා සිටියේ ය. ඒ අනුව ඡන්ද විමසීම සිදු විය. තෙවැනිවර කියවීම පක්ෂව ඡන්ද 79 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 36 ක් ලැබුණි. පනත් කෙටුම්පත තෙවැනිවර කියවීම සම්මත වූ බව කතානායකවරයා සභාවට නිවේදනය කළේ ය
එකතු කළ අගය මත බදු (සංශෝධන) සහ දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත් අද විවාදයට ගැනිණි.