ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    කවුරු රට පාලනය කළත් මෙම ආර්ථික ප්‍රතිසංස්කරණය කළ යුතුයි - මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

    දෙසැම්බර් 09, 2022

    ''කවුරු රට පාලනය කළත් මෙම ආර්ථික ප්‍රතිසංස්කරණය කළ යුතුයි. එය නොකර රට ඉදිරියට ගෙන යන්න බෑ'' යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරයි.

    රාජ්‍ය අමාත්‍යවරයා අද (09) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, එකතු කළ අගය මත බදු (සංශෝධන) සහ දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත් පිළිබඳ විවාදයේ පිළිතුරු කතාව කරමිනි.

    විවාදයේ අඳහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා;

    ''බදු එකතු කිරීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සහ විනිවිදභාවයෙන් සිදු කළ යුතු බවට රජය අවබෝධ කරගෙන සිටිනවා. තාක්ෂණය පදනම් කර ගත් ක්‍රමවේදයක් බැංකු,ආදායම්, රේගු, සුරාබදු යන ආයතන ශක්තිමත් කරන වැඩපිළිවෙලකට ලබන වසර දී යනවා.


    මේ පනත අනුමත වීමෙන් අපේ ආදායම් ඉලක්ක වෙත ළඟා වීමට වැදගත් වෙනවා. සියල්ලට එකම විසඳුම ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නැගිය යුතුයි. එසේ නොකළ හොත් අපේ මානව සම්පත විදේශගත වීම කිසිම රජයකට නවත්වන්න බෑ. එය නවත්වන්න නම් රට තුළ යහපත් ආර්ථිකයක් ගොඩ නැගිය යුතුයි. රජය මේ ගැන හොඳ අවබෝධයකින් සිටින්නේ. මේ සියල්ල තුළ යහපත් ආර්ථිකයකට පදනම ගොඩනගන්න කටයුතු කරනවා.''


    ''අයෝජකයන්ට එන්න පුළුවන් පරිසරයක් තවම නිර්මාණය  කිරීමට අවශ්‍ය වෙනස් කම් මෙවර අයවැය ලේඛනය මගින් ලබා දී වඩා හිතකර පරිසරයක් හා මිත්‍රශීලී පරිසරයක් සකස් කරගන්න පුළුවන්.එය අසීරුයි, කියන තරම් පහසු නෑ. එහෙත් පීඩනය කෙටිකාලීනයි'' යැයි ද පැවසීය.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya