ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    සත්ත්ව මරණ සම්බන්ධව වාර්තාවක් කෘෂි ඇමති ඉල්ලයි

    දෙසැම්බර් 11, 2022

    පසුගිය දිනවල වාර්තා වු කාලගුණික වෙනස්කම් සමග උතුරු හා නැගෙනහිර පළාත්වල මිය ගිය එළ ගවයින් , මී ගවයින් හා එළුවන් සංඛ්‍යාව දහස ඉක්මවන වන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් අංශය පවසයි.

    මෙම සත්ව මරණ සම්බන්ධව වාර්තාවක් ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතාට උපදෙස් ලබා දී ඇත.

    ඒ අනුව උතුරු පළාතේ මියගිය එළගවයින් ප්‍රමාණය 358ක් වන අතර 352ක් අසාධ්‍ය තත්ත්වයේ පසුවන අතර මියගිය එළුවන් ප්‍රමාණය 191ක්වන අතර 53ක් අසාධ්‍ය තත්ත්වයේ පසුවේ.

    නැගෙනහිර පළාතෙන් වාර්තා වන එළගවයින් හා මී ගවයින් ප්‍රමාණය 478ක් වන අතර එම පළාතෙන් වාර්තා වන අසාධ්‍ය තත්ත්වයේ පසුවන ගවයින්
    ප්‍රමාණය 352කි. එළුවන්ගේ මරණ 65ක් ද වාර්තා වී තිබේ.

    ඉන්දියාවට බලපෑ සුළි කුණාටුවත් සමග නැගෙනහිර හා උතුරු වෙරළ තීරය ආශ්‍රිතව ඇති වු තද ශීතල කාලගුණික තත්ත්වය දරා ගැනීමට ‌ නොහැකිව මෙම සතුන් මිය යන්නට ඇතැයි විශ්වාස කරන නමුත් මෙම සතුන් වෙනත් වසංගත තත්ත්වයක් නිසා මිය ගියේද යන්න තහවුරු කරගැනීම සඳහා මරණයට පත් සියලු සතුන්ගේ සාම්පල මේ වනවිට පශු සම්පත් අංශය විසින් ලබා ගෙන පරීක්ෂණ සඳහා රසායනාගාර වෙත යවා ඇත.

    ශීත කාලගුණික තත්ත්වය පහව යාමත් සමග අසාධ්‍ය තත්ත්වයේ සිටි සතුන් යථා තත්ත්වයට පත්වෙමින් සිටින බවද මේ වනවිට හඳුනාගෙන ඇත. කෙසේ වුවද මෙම සතුන්ගේ මස් පරිභෝජනයට හෝ ප්‍රවාහනයට හා අලෙවියට ඉඩ නොතබන ලෙස දන්වමින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්ගුණදාස සමරසිංහ මහතා අදාල සියලු අංශවලට උපදෙස් දී තිබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya