ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    මිනිස් ජාවාරම සම්බන්ධ සිදුවීම් විමර්ශනයට නියෝජිත පිරිසක් ඕමානයට

    දෙසැම්බර් 12, 2022

    මිනිස් ජාවාරම සම්බන්ධ සිදුවීම් විමර්ශනයට විදේශසේවා නියුක්ති කාර්යාංශයේ හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජිත පිරිසක් ඕමානයට

    පසුගිය දිනවල මහත් ආන්දෝලනයක් ඇතිකළ ඕමාන් රාජ්‍යයේ මිනිස් ජාවාරම හා සම්බන්ධ සිදුවීම් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ උපදෙස් පරිදි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජිත පිරිස් (10 දින ) ඕමානය බලා පිටත්ව ගියේ ය.

    මෙම පිරිසට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී වරයෙකු, විමර්ශන නිළධාරීන් තිදෙනෙකු හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂකවරයෙකු හා කාන්තා උපපොලිස් පරීක්ෂකවරියක ඇතුළත් වේ.

    විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත උල්ලංඝණය කර විදේශගත කිරීම , මිනිස් ජාවාරම් ගැන පසුගිය දිනවල වාර්තා වූ සිදුවීම් පිළිබඳව මෙහිදී විශේෂයෙන් විමර්ශනය කිරීමට නියමිත වේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya