ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    ජාත්‍යන්තර භික්ෂු නියෝජිත පිරිසක් කථානායකවරයා හමුවෙති

    දෙසැම්බර් 12, 2022

    ජාත්‍යන්තර බෞද්ධ ජාලයක් නියෝජනය කරන භික්ෂු භික්ෂුණින් වහන්සේලා පිරිසක් පසුගියදා කථානායක මහින්ද යාපා අබෙව්ර්ධන මහතා හමුවූහ.

    මියන්මාරය, තායිලන්තය සහ ශ්‍රී ලංකාව යන රටවල් නියෝජනය කරන භික්ෂූ භික්ෂූණින් වහන්සේලා මෙම පිරිසට අයත් විය.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් ද සහභාගී වූ මෙම හමුවේදී ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා සමානාත්මතාව පිළිබඳ, සහ ඊට අදාළව අවදානමට ලක්විය හැකි කණ්ඩායම් මෙන්ම ඒ සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සම්පාදනය පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.

    මෙහිදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට මියන්මාර සංස්කෘතික උරුමයක් ලෙස සැලකෙන වටිනා ග්‍රන්ථයක් පිළිගන්වන ලදී.

    මෙම ග්‍රන්ථය රචනා කිරීමට වසර 30ක් ද ඉංග්‍රීසි බසට පරිවර්තනය සදහා වසර 20ක් ද ගත වූ බවත් එය ඔවුන්ගේ ජාතික උරුමයක් බවත් මියන්මාරය නියෝජනය කරමින් පැමිණි පිරිස ප්‍රකාශ කළහ.

    ශ්‍රී ලංකාවේ සිටින භික්ෂුණීන් වහන්සේලාට ජාතික හැඳුනුම්පතක් ලබාගැනීමට අවකාශයක් නොමැතිවීම සම්බන්ධයෙන් මෙරට දූත පිරිසේ භික්ෂුණීන් වහන්සේලා කථානායකවරයාගේ අවධානයට ලක් කළහ. මේ නිසා තරුණ භික්ෂුණීන් වහන්සේලාට රාජ්‍ය විභාගවලට සහභාගි වීම ද ගැටලුවක් බවට පත්වී ඇති බව මෙහිදී සාකච්ඡාවට ලක්විය.

    නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය (ආචාර්ය) සුරේන් රාඝවන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ, රවුෆ් හකීම්, ගරු ප්‍රේම්නාත් සී. දොලවත්ත සහ (ආචාර්ය) හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීහූද පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya