ඔහු මේ බව පැවසුවේ, පාරිසරික වෙනස්වීමේ නවතම තත්ත්වය සහ ඔබේ සෞඛ්‍ය යන මැයෙන් අද (12) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
වායු දූෂණයට අප රටෙහි විශාල අවධානයක් දී නැති බව කියා සිටි විශේෂඥ වෛද්‍ය චන්දන කුලතුංග මහතා මෙය විශාල මහජන සෞඛ්‍ය ගැටලුවක් බවද, දියුණු රටවල් මේ පිළිබදව වැඩි අවධානයක් ලබාදී ඒ පිළිබද ඇති අහිතකර බලපෑම අවම කරගැනීමට ක්‍රියාශ්‍රීලී වැඩපිළිවෙලවල් සංවිධානය කර ඇතැයිද පැවසුවේය.
වායු දූෂණය මැනිය හැකි බවද දූවිලි අංශු වල මයික්‍රෝන 2.5 සාන්ද්‍රණයට අනූව වායු තත්ත්ව දර්ශකය ගණනය කළ හැකි බවද, ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනූව සාමාන්‍යයෙන් වායු තත්ත්ව දර්ශක අගය 50ට අඩු විය යුතු බවද එම අගය 50ත් 100ත් අතර අගයක පවතී නම් අතරමැදි වායු දූෂණ තත්ත්වයක් බවද, 100ට වැඩිවූ විට අහිතකර ප්‍රතිඵල ඇතිවිය හැකි බවද සදහන් කළේය.
වායු තත්ත්ව දර්ශකය 100ත් 150ත් අතර අගයක් වූ විට සංවේදී පුද්ගලයන්ට අහිතකර බලපෑම් ආ හැකි බවද 150ට වැඩි වූ විට සාමාන්‍ය පුද්ගලයන්ට අහිතකර තත්ත්ව ඇති වන බවද පැහැදිලි කළේය. පසුගිය බ්‍රහස්පතින්දා වායු තත්ත්ව දර්ශකය 250ට ආසන්න අගයකට පැමිණි බවද මෙය තාවකාලික තත්ත්වයක් බවද, බිය නොවිය යුතු බවද මෙය ඉතාම ඉක්මණින් පහව යනු ඇතැයි විශ්වාස කරන බවද කියා සිටියේය.
වායුවේ ගුණාත්මකභාවය පහළ ගිය විට එනම් වායු තත්ත්ව දර්ශකය ඉහල ගිය විට මානව සෞඛ්‍යයට වන බලපෑම භයානක නොවන රෝග තත්ත්ව වල සිට භයානක රෝග තත්ත්ව දක්වා වර්ධනය විය හැකි බවද කියා සිටි විශේෂඥ වෛද්‍ය චන්දන කුලතුංග මහතා මෙවන් විටක කැස්ස, හතිය, හුස්ම ගැනීමේ අපහසුතාවය, පීනස වැනි භයානක නොවන රෝග තත්ත්ව ඇතිවිය හැකි බවද, නියුමෝනියා තත්ත්ව දක්වා වර්ධනය විය හැකි බවද, දූවිලි අංශු වලට බැක්ටීරියා වෛරස් වැනි විෂබීජ රැගෙනයා හැකි බවද සඳහන් කළේය.
ප්‍රතිශක්තිය අඩු නිදන්ගත පෙනහළු රෝග ඇති අයට නියුමෝනියා තත්ත්වය ඇති වුවහොත් එම රෝගී තත්ත්වය ඉක්මණින් වර්ධනය විය හැකි බවද අවධාරණය කළේය. දූවිලි අංශු, කාබන් මොනොක්සයිඩ් වැනි විෂ වායූන්ට දීර්ඝකාලීනව මුහුණදීමෙන් දූවිලි අංශු පෙනහලු වලට ඇතුළුවීමෙන් හෘදයාබාධ ඇතිවිය හැකි බවද කියා සිටියේය.
කුඩා ළමුන්, වයෝවෘධ පුද්ගලයින්, පෙනහලු රෝග වලින් පෙළෙන්නන් හෘද රෝගීන්, ප්‍රතිශක්තිය අඩු රෝගීන් සහ ගර්භණී මවුවරුන් මෙහිදී අවධානම් කණ්ඩායම් යටතට ගැනෙන බව කියාසිටි විශේෂඥ වෛද්‍ය චන්දන කුලතුංග මහතා මෙහි අවධානම අඩු කරගැනීමට මුහුණු ආවරණ පැළදිය යුතු බවද දැනට පවතින විද්‍යාත්මක දත්ත අනූව දූවිලි අංශු වලින් ආරක්ෂා වීමට එන් 95 හෝ කේ එන් 95 වඩාත් යෝග්‍යමය මුහුණු ආවරණය බවද පැහැදිලි කළේය. නමුත් ඕනෑම මුහුණු ආවරණයක් පැළදීම මෙම අවස්ථාවේ සිදුකළ යුතු බවද පැවසුවේය.