ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    රජයේ වැටුප් හා අතිකාල දීමනා පටිපාටියෙන් ඔබ්බට, එයට විරුද්ධව ක්‍රියා කිරීමේ හැකියාවක් නෑ

    දෙසැම්බර් 12, 2022

    විෂයය භාර කැබිනට් අමාත්‍යවරයා වශයෙන් තමාට වුවද රජයේ වැටුප් හා අතිකාල දීමනා පටිපාටියෙන් ඔබ්බට හා එයට විරුද්ධව ක්‍රියා කරන්නට කිසිදු හැකියාවක් නොමැති බවත්, තැපැල් දෙපාර්තමේන්තු සේවකයන් වර්ජනය කළ ද ආර්ථිකව අවපාතයට පත්වී ඇති මේ මොහොතේ අතිකාල දීමනා වැඩිකිරිමට කිසිසේත් නොහැකි බවත්, ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    තැපැල් දෙපාර්තමේන්තුව සංඛේත වැඩවර්ජනයකට එළැඹීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද(12) පැවති පුවත්පත් සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

    මේවන විටත් රටට දරාගැනීමට නොහැකි තරමේ පිරිවැයක් රාජ්‍ය අංශයේ වැටුප්,අතිකාල දීමනා ගෙවීම් සහ විශ්‍රම වැටුප් සඳහා දරන්නට වී ඇති බවත්, මේ මොහොතේ රාජ්‍ය ණය සහ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්, අතිකාල හා විශ්‍රම වැටුප් ගෙවූ පසු රාජ්‍යය පවත්වාගෙන යාමට අවශ්‍ය පමණ මුදලක් ඉතිරි නොවන බවත්, අමාත්‍යවරයා පැවසීය.

    මෙවර අයවැයේදී රාජ්‍ය සේවක වැටුප් සඳහා රුපියල් බිලියන 1002ක් වෙන්කර ඇති බවත්, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති මගින් මේ වසරේදී රජයේ වැටුප් වැඩිවීමක් සිදු නොවීමට එකඟතාවක් තිබෙන බවත්, මේ වන විට බදු මගින් උපයාගන්නා රාජ්‍ය ආදායමත් ජනතාවට ඉතා විශාල පීඩනයක් වී ඇති බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායමට වඩා වැටුප් හා අතිකාල දීමනා සම්බන්ධයෙන් රජය වැයකරන බවත්, තැපැල් දෙපාර්තමේන්තුවට වාර්ෂිකව බිලියන 05ක් පමණ මහජන බදුමුදලින් ලබා දීමට රජය ක්‍රියාකරන බවත්, තවදුරටත් මුදල් වැයකිරීම සිදුකළ නොහැකි බවත්, බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya