චෙන්නායි ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපල දක්වා ආරම්භ කළ මෙම සෘජු ගුවන් ගමන සතියේ සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සහ සෙනසුරාදා ගමන් වාර 4ක් සිදු කරයි.
2019 නොවැම්බර් 11 වන දින සතියකට ගුවන් ගමන් වාර තුනකින් ආරම්භ කළ පලාලි චෙන්නයි ගුවන සේවාව COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් නතර කරන ලදි. රටේ උතුරු ප්‍රදේශයෙන් ගුවන් ගමන් සඳහා වැඩිවන ඉල්ලුම සැලකිල්ලට ගනිමින්, Alliance Air, ඉන්දියාවේ සහ ශ්‍රී ලංකා රජයන්ගේ සහයෝගය ඇතිව සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.