පැවැති ආර්ථික තත්ත්වය හමුවේ ජනතාව දැඩි පීඩණයට පත් ව තිබූ අවධියක ඉන්ධන පෝලිම්, ගෑස් පොලිම් ආදී තත්ත්ව හමුවේ ආහාර හිඟයක් ඇතිවේ යැයි ජනතාව බියෙන් පසු වූ අසීරැ අවස්ථාවකදී මොහොතක තමන් වෙළෙඳ අමාත්‍යාංශය භාර ගත් බවත්, එහිදී රට තුළ පැවැති ආහාර ප්‍රමාණයත්, ඩොලර් හිඟය හේතුවෙන් ආහාර ද්‍රව්‍යය ආනයනය කිරීම ඇණහිට තිබූ අතර විවෘත ගිණුම් ක්‍රමය හරහා රට තුළට අවශ්‍ය ආහාර ප්‍රමාණය ගෙන්වීම තුළ වෙළෙඳපොලේ ආහාර සුලබ කිරීම හරහා ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීමේ වැඩපිළිවෙල සාර්ථක වූ බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.
එසේ සහල් ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යය ආනයනය කර වසරක් ගත වූ තැන, රජය මඟින් පොහොර ගෙන්වීමේ හා බෙදාහැරීමේ ප්‍රතිපත්තිය හරහා ගොවියා ශක්තිමත් කිරීමට ගෙන ගිය වැඩපිළිවෙල සාර්ථක වීම නිසා රටින් සහල් ආනයනය කිරීම නැවැත්වීමට ජනාධිපතිතුමා ප්රමුඛ කැබිනට් මණ්ඩලය තීරණය කළා. ඒ අනුව, ඊළඟ මහා කන්නය වන විට රටට අවශ්‍ය සහල් ප්‍රමාණය රට තුළින්ම නිෂ්පාදනය කළ හැකි ස්වයංපෝෂිත ආර්ථිකයක් ඇති කිරීමට හැකි අතරම සහල් ආනයනය කිරීමට අවශ්‍ය නොවන බවත් හෙතෙම පැවසීය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පසුගිය දා (10) අහුංගල්ල හා වදුරඹ ලංකා සතොස ආයතන විවෘත කිරීමේ සමාරම්භක අවස්ථාවන්ට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිනි.
මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ එළඹෙන නව වසර ජනතාව වෙනුවෙන් විශාල වැඩකොටසක් සිදු කළ යුතු වසරක් බවත් සෑම ගමක්, නගරයක්
පාසාම සතොස ආයතන ඇති කිරීම හරහා සාධාරණ හා අවම මිලකට ජනතාවට භාණ්ඩ ලබා දීම තුළින් තරඟකාරී වෙළෙඳපොළ තුළ භාණ්ඩ මිල තිරකයා බවට සතොස ආයතනය පත් කිරීමට හැකියාව ලැබෙනු ඇති බවත් සිය විශ්වාසය බවත්ය.
එමෙන්ම, තමා ඉතිහාසයේ වැඩිම කාළයක් එනම් වසර 10 ක් සතොස ආයතනයේ සභාපතිවරයා ලෙස සතොස ශාඛා 81 ක් ලංකාව පුරාම ආරම්භ කරන ලද බවත්, එම අත්දැකීම් හා පළපුරුද්ද හේතුවෙන් අසිරු ආර්ථික තත්ත්වයක් පැවැති සමයක වෙළෙඳ අමාත්‍යාංශය වැනි භාරදූර්ය අමාත්‍යාංශයක වගකීම භාර ගෙන සාමාන්‍ය ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යය අඩුවක් නොමැතිව, සාධාරණ මිලකට ලබා දීමේ වැඩපිළිවෙලට සිය උපරිම දායකත්වය ලබා දුන් බවත් පරිප්පු, සීනි, පාන්පිටි ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන් පසුගිය වකවානුවට සාපේක්ෂව විශාල වශයෙන් මිල අඩු වීම තුළ එම වැඩපිළිවෙල සාර්ථක බව පෙනෙන්ට ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කරන ලදී.
ඉදිරියේදීත් මෙවැනි වැඩපිළිවෙලවල් හරහා තව තවත් භාණ්ඩ මිල අඩු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව සඳහන් කළ අමාත්‍යවරයා, බිත්තර සඳහා පාලන මිලක් පැනවූයේ නැතිනම් මේ වන විට බිත්තරයක මිල රු 90.00 ක් පමණ දක්වා ඉහළ යන බවත්, බිත්තර සඳහා වූ රු 50.00 ක මිල සාධාරණ බව බිත්තර නිෂ්පාදකයන්ම සඳහන් කරන බවත් පවසා සිටින ලදී. මේ වන විට සියයට අනූවක් පමණ වූ උද්ධමනයය 69% ක් දක්වා පහත වැටී තිබිමත් ආර්ථික වශයෙන් සුභවාදී කරුණක් බව ද අමාත්‍යවරයා කියා සිටියේය.
රට තුළ නිෂ්පාදනය වැඩි කිරීම හරහා ජනතාවගේ ආදායම් මට්ටම් ඉහළ නැංවීමත්, තවත් භාණ්ඩ මිල ගණන් පාලනයටත් රජය මඟින් වැඩපිලිවෙලක් සකස් කර තිබෙන බවත් ඒ අනුව 2023 වසර රටට අවශ්‍ය සියලු දේ රට තුළ නිෂ්පාදනය කරමින්,රටේ නිෂ්පාදන ධාරිතාවය ඉහළ නංවමින් ස්වයංපෝෂිත ආර්ථිකයක් කරා ළගා වීමට හැකි වනු ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.
මෙම අවස්ථාවන් සඳහා වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය-වෛද්‍ය රමේෂ් පතිරණ, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය -මොහාන් පී ද සිල්වා, ලංකා සතොස සභාපති- පසඳ යාපා අබේවර්ධන, හිටපු පළාත් සභා මන්ත්‍රී-චන්න මෙන්ඩිස් , බලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති-සමන් ද සිල්වා, බලපිටිය ප්‍රාදේශීය ලේකම්-මාලක ජයසිංහ, බද්දේගම පොදුජන පෙරමුණු ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී-ඉසුරු දොඩංගොඩ, බද්දේගම ප්‍රාදේශීය සභාවේ සභාපති-අනුර අමරසිරි නාරංගොඩ, වදුරඹ ප්‍රාදේශීය ලේකම්-නෙහාරා වෙත්තසිංහ, ලංකා සතොස කළමණාකරුවන් ඇතුළු සේවක සේවිකාවන්, අහුංගල්ල හා වදුරඹ ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.