මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද (12) කොළඹ දී අදහස් දක්වමින් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
පුළුල් පරීක්ෂණයක් පවත්වා කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ සියලු බලධාරීන්ට නියෝග කර තිබෙන බවත් වැරදි කරන පුද්ගලයින් දඩුවම් දීම සඳහා අලුත් නීති අවශ්‍ය නොවන බවත් පවතින නීති හොඳටම ප්‍රමාණවත් බවත් සඳහන් කළේ ය.
අද වන විට උපකුලපතිවරුන් දක්වා ප්‍රචණ්ඩත්වය පැතිර ගොස් ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය. මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ, මේ ම්ලේඡ ප්‍රහාරය අනුමත කළ සියලු අයට නිසි දඩුවම් ලබා දිය යුතු බවයි.