ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    විශ්වවිද්‍යාලවල මෙවැනි තත්ත්වයක් ඇති නොවීමට සියලු දෙනා එක්ව පක්ෂ විපක්ෂ භේදයකින් තොරව පියවර ගත යුතුයි - මහාචාර්ය චරිත හේරත්

    දෙසැම්බර් 13, 2022

    පේරාදෙණිය විශ්වවිද්‍යාවල ඇති වූ තත්ත්වය වැනි සිදුවීම් නැවත ඇති නොවීම සඳහා කටයුතු කළයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා අද(13) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    පේරාදෙණිය විශ්වවිද්‍යලායේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් චරිත හේරත් මහතා මේ බව පැවසීය.

    උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය කවදාවත් නොමැති පරිදි අර්බුදකාරී තත්වයකට ගමන් කරමින් සිටිනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 12,000ක් පමණ වසර 50කට වැඩි කාලයක් කිසිදු ගැටලුවක් නැතුව කටයුතු කරගෙන ආවා. නමුත් අද විශ්ව විද්‍යාල පද්ධතිය ඉතාම නරක තැනකට ගමන් කරමින් සිටිනවා. මේ සම්බන්ධයෙන් දෙපැත්තෙම අය එකඟතාවයට ආවේ නැත්නම් මෙරට විශ්වවිද්‍යාල ආචාර්යවරු රට අතහැර යන තත්වයට පත් වෙනවා. ඒ වගේම දෙමව්පියන් තමන්ගේ දරුවන් විශ්වවිද්‍යාලයට නොඑවන තත්වයට පත් වෙනවා.

    ඉදිරියේදි විශ්වවිද්‍යාලය තුළ මෙවැනි තත්වයක් ඇති නොවීම සඳහා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියලු දෙනා එක්ව පියවර ගත යුතුම බව හෙතෙම සඳහන් කළේය.මේ සම්බන්ධයෙන් පුළුල් අදහසක් ඉදිරිපත් කරයුතු බවත් මේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය නිශ්චිත කිරීමට කටයුතු කළ යුතු බවද කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya