ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    ශක්තිමත් අධ්‍යාත්මයක් සහිත දරුවෙක් බිහි කිරීම උදෙසා පාසල් සිසුන්ට “සතිමත්බව පිහිටුවීමට” වැඩසටහනක් - කැබිනට් ප්‍රකාශක

    දෙසැම්බර් 13, 2022

    ගතික පරිසරයට ඔරොත්තු දෙමින් තම පෞරුෂය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය පන්නරය පාසල තුළින්ම ලබා දෙනු වස් 2023 ජනවාරි 04 සිට 2023.මාර්තු 24 දක්වා සෑම බදාදා දිනකම  “සතිමත් බව පිහිටුවීම”   නියමු වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙන බව ජනමාධ්‍ය, ප්‍රවාහන මහා මාර්ග අමාත්‍ය, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    අමාත්‍යවරයා මේ පිළිබඳව ප්‍රකාශ කළේ, අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ය.

    අධ්‍යාපන අමාත්‍යංශය සහ “සති පාසල” නිර්මාතෘ පුජ්‍ය උඩඊරියගම ධම්මජිව ස්වාමින්වහන්සේ ගේ “සති පාසල පදනම” ඒකාබද්ධව “සතිමත් බව පිහිටුවීම” වැඩසටහන මෙලෙස පාසල් සිසුන් සඳහා ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති අතර මේ පිළිබඳව අධ්‍යපන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

    වර්තමානයේ උසස් අධ්‍යාපන සිසුන්, විශ්වවිද්‍යාල සිසුන් ඉතාමත් පිරිහුණු විනයක් සහිත සිසුන් බවට පත්වෙමින් තිබෙන බවට වාර්තා රැසක් ලැබෙන බවත්, එම තත්ත්වය පාසල් සිසුන් වෙත පාසල් තුළට ද බලපා ඇති බවත්, සහෝදර ශිෂ්‍ය ප්‍රජාව අතර, ගුරුවරුන් හා සිසුන් අතර, මෙන්ම ශිෂ්‍ය නායකයින් හා ගුරුවරුන් අතර ද විවිධ ගැටුම්කාරී ප්‍රචණ්ඩත්වයන් නිර්මාණය වී විනය විරෝධී ලෙසත්, සදාචාර සම්පන්න යුක්තිගරුක තත්ත්වයෙන් බැහැරව කටයුතු කරන අවස්ථා වාර්තා වී තිබෙන බව ද හෙතෙම අවධාරණය කළේය.

    එහෙත්, විදෙස් රටවල සිසුන්ගේ අධ්‍යාත්මික තත්ත්වය වැඩිදියුණු කිරීමට මෙන්ම මානසිකව සහනයක් ලබා දීම සඳහා මෙවැනි වැඩසටහන් එම රටවල් නිරන්තරයෙන් සිදු කෙරන බවත්, මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මඟින් අධ්‍යාත්මික ගුණවගාවෙන් යුතු මනස ශක්තිමත් දරුවෙක් සමාජයට බිහි කිරීමට අවශ්‍ය පදනම මින් ලැබෙන බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya