ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තාක්ෂණිකව දියුණු කිරීමට සැළසුම්

    දෙසැම්බර් 13, 2022

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තාක්ෂණික අතින් දියුණු කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 50ක මුදලක් ආයෝජනය කිරීම සඳහා රජය සැළසුම් කර ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (13) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    පසුගිය දිනවල ඉන්දියාවෙන් හමා ආ විෂ දුම් සහිත වායු සහ අනෙකුත් හදිසි ආපදා තත්වයක් ඇතිවීමේදී ගතයුතු ක්‍රියාමාර්ගයන් සම්බන්ධයෙන් යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

    හදිසි ආපදා සම්බන්ධයෙන් හොඳ වැඩපිළිවෙළක් අපේ රටේ ක්‍රියාත්මක වෙනවා. එහෙත් කාලගුණ විද්‍ය දෙපාර්තිමේන්තුව ලෝකෙත් එක්ක බැලුවම අවුරුදු 20ක් විතර පිටුපසින් ඉන්නේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව යාවත්කාළීන කිරීම තුළින් වඩාත් හොඳ පුරෝකතන ලබා දීමට ඉදිරියේදී හැකි වනු ඇතැයිද හෙතෙම සඳහන් කළේය.


    සීඝ්‍ර වශයෙන් ඉදිවන ගොඩනැගිලි පාත් වීම වැනි ආපදාවන් තවත් වසර 20කින් පමණ ඇති වන බවට පුරෝකතනය කර ඇති බවත් ඒ අනුව ගොඩනැගිලි ඉදිකිරීමේදී ඒ සඳහා නීතිරීති අනපනත් ගෙනැවිත් යම් කිසි ප්‍රමිතියක් ඇතිකිරීමට බලාපොරොත්තු වන බවද කීය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya