ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    විශ්‍රාම වයසේ වෙනසක් නෑ - මුදල් රාජ්‍ය අමාත්‍ය

    දෙසැම්බර් 13, 2022

    විශ්‍රාම යාමේ වයස අවුරුදු 65 සීමාව 60දක්වා අඩු කිරීමට ගත් ප්‍රතිපත්තිමය තීරණයේ වෙනසක් නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා අද (13 ) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    රාජ්‍ය සේවකයින් විශ්‍රාම යාමේ වයස සහ පාර්ලිමේන්තු සේවකයින්ගේ විශ්‍රාම යාම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.

    එළඹෙන දෙසැම්බර් 31 වන විට විශ්‍රාම යාම සඳහා 25,000ට වැඩි පිරිසක් සිටින බව රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

    රට අද තිබෙන තත්ත්වය විපක්ෂය අවබෝධ කර ගත යුතුයි.එක් කණ්ඩායමක් හෝ එක් පිරිසක් වෙනුවෙන් ප්‍රතිපත්ති වෙනස් කළ හැකි තත්වයක අද මේ රට නැහැ. රට ඉන්න තත්ත්වය අනුව මහාභාණ්ඩාගාරයට එම ප්‍රතිපත්ති ආරක්ෂා කිරීමට සිදුවී තිබෙනවා''යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා  කීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya