ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    ජනපති උපදෙසින් විෂ මත්ද්‍රව්‍ය හා අන්තරාදායක ඖෂධ භාවිතය වළක්වාලීම සඳහා වන කාර්ය සාධක බළකායක් - කැබිනට් ප්‍රකාශක  

    දෙසැම්බර් 13, 2022

    අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය පාසල් සිසුන් ඇතුලු අනාගත පරම්පරාව තුළ පැතිරී යාම මෙරට දැවැන්තම ජාතික අර්බුදය ලෙස පත්ව තිබෙන බවත්, මේ පිළිබඳව විශාල වශයෙන් ජාතියේ අවධානයට ලක්විය යුතු බවත් ජනමාධ්‍ය, ප්‍රවාහන මහා මාර්ග අමාත්‍ය, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.

    අයිස් ඇතුළු අනිකුත් මත්ද්‍රව්‍ය ඉතාම සුක්ෂමව වේගවත්ව විශ්ව විද්‍යාල පද්ධතිය තුළ, උසස් අධ්‍යාපන ආයතන තුළ මෙන්ම පාසල් ප්‍රජාව තුළ ව්‍යාප්ත වීම පිළිබඳව කැබිනට් මණ්ඩලයේ දීර්ඝ සාකච්ඡාවට බඳුන්ව තිබේ.

    අනාගත පරම්පරාව විශාල ලෙස විනාස කිරීම සඳහා කෙටිකාලීන දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක ව තිබෙන බවත්, දමවුපියන්ට දරුවන් බේරාගත නොහැකි තත්ත්වයක්, අචර්යවරුනට සිසුන් බේරාගත නොහැකි තත්ත්වයක් ප්‍රචණ්ඩත්වය හා මුසු වෙමින් රට තුළ නිර්මාණය වෙමින් පවතින බවත්, ඒ වෙනුවෙන් මෙරට අනාගත පරපුර බේරා ගැනීම සඳහා විෂ මත්ද්‍රව්‍ය හා අන්තරාදායක ඖෂධ භාවිතය වළක්වාලීම සඳහා වන කාර්ය සාධක බළකායක් කඩිනමින් පිහිටුවීමට  ජනාධිපතිතුමා අධිකරණ අමාත්‍යවරයාට සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාට විශේෂ උපදෙස් ලබා දී ඇති බව ද හෙතෙම මෙහි දී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya