මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    සියලු මැතිවරණවලට අදාළ මාධ්‍ය උපමාන නීතිගත කෙරේ

    දෙසැම්බර් 13, 2022

    මෙරට පැවැත්වෙන සියලු මැතිවරණ වලට අදාළව මාධ්‍ය විසින් ගැසට් කරන ලද උපමාන වලට නිත්‍යානුකුල වලංගුභාවයක් ලබා දෙමින් එම මාධ්‍ය උපමාන කඩ කරන්නන් ට දඬුවම් පැමිණවීම සඳහා අවශ්‍ය පනත් කෙටුම්පත සකස් කිරීමට අවශ්‍ය අනුමැතිය කැබිනට් මණ්ඩලය විසින් ලබා දී ඇති බව ජනමාධ්‍ය, ප්‍රවාහන මහා මාර්ග අමාත්‍ය, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ය.

    1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104ආ(5)(අ) ව්‍යවස්ථාව යටතේ මැතිවරණ කොමිෂන් සභාව විසින් අංක 2178/24 හා 2020.06.03 දිනැති ඇති විශේෂ ගැසට් නිවේදනය මඟින් මාධ්‍ය උපමාන ප්‍රකාශයට පත් කර ඇත. එහෙත් එම මාධ්‍ය උපමාන උල්ලංඝණය කර ඇති අවස්ථාවක ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ විධිවිධාන මෙහතෙක් පනවනු ලබා නොමැත.

    එකී උපමාන උල්ලංඝණය කිරීම මැතිවරණ වරදක් ලෙස දැක්වෙන විධිවිධාන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත, පාර්ලිමේන්තු මැතිවරණ පනත, පළාත් සභා මැතිවරණ පනත, සහ පළාත් පාලන ඡන්ද විමසීම් ආඥාපනත යන පනත්වලට ඇතුළත් කිරීමට හෝ මාධ්‍ය උපමාන උල්ලංඝණය කිරීම එක් එක් ඡන්ද විමසීමට අදාළ පනත යටතේ නීති විරෝධී ක්‍රියාවක් ලෙස සළකා කටයුතු කිරීමට හෝ හැකි වන ලෙස අදාළ විදිවිධාන ඇතුළත් කරමින් පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව මෙලෙස කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya