ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    බුද්ධිමය දේපළ ආරක්ෂා කිරීම සඳහා නව නීති ගෙන එයි

    දෙසැම්බර් 13, 2022

    බුද්ධිමය දේපළ ආරක්ෂා කිරීම සඳහා නව නීති සම්පාදනය කිරීමට හා පවතින නීති සංශෝධනය කිරීමට රජය කටයුතු කර ඇතැයි වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා අද (13) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    වාචික පිළිතුරු අපේක්ෂාවෙන් බුද්ධික පතිරණ මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේ පැවසීය.
    පාසල් දරුවන්ගේ සිට නව නිපැයුම් කටයුතු කරනනවා. දරුවන්ට පාසල් කාලය තුළ සිටම පාරිභෝගික පුහුණුව ලබා දිය යුතුයි. මේ වන විට බුද්ධිමය දේපළ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සහ නව නිපැයුම් සඳහා විශාල මුදලක් වෙන් කර තිබෙනවා.

    දැනුම්වත් කිරීම සඳහා සහ නව නිපැයුම් සඳහා ආයතන ගණනාවක් තිබෙනවා.බුද්ධිමය දේපළ කාර්යංශය කටයුතු කරන්නේ අන්තර්ජාතික සම්මුති එක්ක.

    බුද්ධිමය දේපළ පනත වගේ තමයි, හැඳුනුම්පත, පාස්පෝට් හදන්න ගියොත් දූෂණ සහ අක්‍රමිකතා වෙනවා. මේ නිසා සාමාන්‍ය ප්‍රද්ගලයෙකුට පැමිණ වැඩ කරගැනීමට අපහසුවෙනවා.අපි මේම ආයතන ඔන්ලයින් කළ යුතුයි යැයි ද අමාත්‍යවරයා කීය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya