මෙරට තොරතුරු තාක්ෂණ සාක්ෂරතාවය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
රාජ්‍ය සේවයේ නියුතු සියලු නිලධාරින්ට ඉදිරියේ දී තොරතුරු තාක්ෂණය භාවිතය සම්බන්ධයෙන් පුහුණුව ලබා දෙන බවත් ඉදිරි වසර දෙක තුළ රාජ්‍ය සේවකයින් ලක්ෂයක්වත් පුහුණු කිරීම රජයේ අරමුණ බවත් හෙතෙම සඳහන් කළේය.
අධ්‍යාපන අමාත්‍යංශය මගින් නව ඩිජිටල්කරණය සඳහා Digital Transpormation Policy එකක් මේ වන විටත් නිර්මාණය කරමින් තිබෙන බවද හෙතෙම පැවසීය. ලබන වසරේ සිට සාමාන්‍ය පෙළ විභාගය සඳහා, විෂය නිර්දේශයට තොරතුරු තාක්ෂණය විෂය ඇතුළ් කරන බවත් Artifitial Interllignece විෂය හඳුන්වා දෙන බවත් කීය.
පාසල් හැර ගිය තරුණ තරුණියන්ව තොරතුරු තාක්ෂණයට හුරු කරවීම සඳහා රජය විසින් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කර තිබේ. තොරතුරු තාක්ෂණය පාසල් 1000ට ලබා දීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක වේ.
වැඩිදුරටත් අදහස් දැක් වූ තාක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා;
පසුගිය වසර කිහිපයේ තොරතුරු තාක්ෂණය පිළිබඳ දැනුම ඉදිරියට ගිහින් තිබෙනවා.ඉදිරි කාලයේදී එය දෙගුණයක් කිරීමට බලාපොරොත්තු වෙනවා''යැයි පැවසීය