මෙම වැඩසටහන කුරුණෑගල සමූපකාර ශාලාවේදී 12 දිනපැවති අතර කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රීක්ක වල ප්‍රාදේශීය ලේකම් කාර්යයාලවල සේවයේ නියුතු සංවර්ධන නිළධාරීහු 150 ට අදික පිරිසක් මේ සඳහා සහභාගී වි සිටියහ.
මෙහිදී දිස්ත්‍රීක් ලේකම් කාර්යාල වල සේවයේ යොදවා ඇති සංවර්ධන නිළධාරීන්ගේ දිස්ත්‍රික් සම්බන්ධීකරන නිළධාරින්ද කැදවා තිබු අතර, විදේශ රැකියා අපේක්ෂිතයන් වෙත සපයන සේවාවන් කඩිනමින් හා විදිමත් ලෙස සිදුකිරීම සඳහා දිස්ත්‍රික් සම්බන්ධීකරන නිළධාරින් දහදෙනෙකු වෙත ලැප්ටොප් පරිගනක 10ක් බෙදා දීමද අමාත්‍යතුමා විසින් සිදු කරන ලදී.
මේ අවස්ථාවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ ලේකම් ආර් පී ඒ විමලවීර, විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යංශයේ අතිරේක ලේකම් යමුනා පෙරේරා , ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සපුතන්ත්‍රී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති මහේන්ද්‍ර කුමාරසිංහ, ඇතුළු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ තවත් ඉහල නිලධාරින් රැසක් සහභාගි වුහ.