ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    2023 වසරේදී නව ප්‍රතිසංස්කරණ ගණානාවක් අධ්‍යාපන ක්ෂේත්‍රයට හඳුන්වා දෙනවා- අධ්‍යාපන අමාත්‍ය

    දෙසැම්බර් 15, 2022

    2023 වසරේදී නව ප්‍රතිසංස්කරණ ගණානාවක් අධ්‍යාපන ක්ෂේත්‍රයට හඳුන්වා දීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (15) පැවසීය.

    2023 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා පැවති සාකච්ඡාවට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසීය.

    අද වන විට පාසල් පද්ධතිය යථා තත්වයට පත් වී සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වෙන බවත් පාසල්වල විෂය සමගාමී,ක්‍රීඩා ඇතුළු බාහිර වැඩසටහන් සියල්ලම නැවත ආරම්භ කර ඇතැයිද හෙතෙම පැවසීය.

    5 ශ්‍රේණිය සඳහා පැවැත් වෙන ශිෂ්‍යත්ව විභාගය එළඹෙන දෙසැම්බර් 18 පැවැත් වේ. උසස් පෙළ විභාගය ජනවාරි 23 සිට ආරම්භ වේ. සාමාන්‍ය පෙළ විභාගය එළඹෙන අප්‍රේල් හෝ මැයි මාසයේ පැවැත්වීමට සැළසුම් කරතිබේ. කවර අභියෝග හමුවේ වුවත් විභාග අඛණ්ඩව පවත්වන බවද හෙතෙම සඳහන් කළේය.

    අධ්‍යාපන කටයුතු නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පරිපාලන ව්‍යුහය මේ වන විට සකස් කරමින් සිටින බව ආමාත්‍යවරයා කීවේ ය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ, එළඹෙන දෙසැම්බර් 31 වන විට අධ්‍යාපන පරිපාලන ඇතුළු, අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල පිරිසක් විශ්‍රාමයාමට නියමිත බවයි. ඒ අනුව එම තනතුරු සඳහා නව නිලධාරින් යොමු කිරීම මේ වන විටත් සිදු වේ. අධ්‍යාපන සහ විදුහල්පති ශ්‍රේණියේ ඇති පුරප්පාඩු පිරවීම සඳහා ද අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කරමින් සිටි.

    විදුහල්පති 3 ශ්‍රේණියට බඳවා ගැනීම සම්බන්ධයෙන් මහාධිකරණයේ පැවති නඩුව පසුගිය 12 දා සමථයකට පත් වූ බවත් ඒ අනුව 5800 දෙනාට නව විදුහල්පති පත්වීම් ලබා දිය හැක.තවද ගුරු ශ්‍රේණිය සඳහා සංවර්ධන නිලධාරින්, ඌන සේවා උපාධිධාරින් ඇතුළු ගුරු ශ්‍රේණිය සඳහා වයස සම්පූර්ණ කළ දිවයින පුරා උපාධිධාරින් සඳහා විභාගයක් පැවැත්වෙන බවද කීය.මෙම විභාගය යටතේ ගුරු ඌනතා පවතින දිස්ත්‍රික් වලට වැඩි දිස්ත්‍රික්කවල සිට ගුරුවරු යොමු කිරීමටද කටයුතු කෙරේ.

    විද්‍යාපීඨ වලින් පිටවන සහ මෙම විභාගය පවත්වා බඳවා ගන්නා පිරිස 2023 පළමු වාරයේ සිට පාසල් වලට ඇතුළත් කර ගුරු උනතා සම්පූර්ණ කිරීමටද කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා කීය.පාසල් වල අයිස් මත්ද්‍රව්‍ය හඳුනාගැනීම සඳහා අධ්‍යාපන බලධාරින් පොලීසිය සමග සමීපව කටයුතු කරමින් සිටින බවද හෙතෙම සඳහන් කළේය.

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය හරහා තොරතුරු තාක්ෂණය සාමාන්‍ය පෙළට හර විෂයක් ලෙස ඉදිරියේ දී එකතු කිරීමට බලාපොරොත්තු වන අතර, මීට සමගාමීව නැනෝ තාක්ෂණය, ජෛව තාක්ෂණය, ‘රොබෝටික්ස්, කෘත්‍රීම බුද්ධිය වැනි නැගී එන විෂය ධාරා සමග තොරතුරු තාක්ෂණය මුසු කර සිසුන් දැනුමෙන් මෙන් ම තාක්ෂණයෙන් ද සන්නද්ධ කිරීම මගින් මේ අනාගත අභියෝග ජයගැනීමේ මාවත තැනීමේ වේගවත් ක්‍රියාදාමයක නිරත විය යුතු ව පවතින බව අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේ ය.

    පාසල් 1000ක් සඳහා මිලියන 1000ක් වැය කර අන්තර්ජාල පහසුකම් සපයා දිවයිනේ කිසි දු පාසලක් ඉදිරියේ දී හුදකලා වීමට ඉඩ නොහැර එක ම ජාලයකට ගෙන ලබන මාර්තු-අප්‍රේල් වන විට සියලු ගුරු-විදුහල්පතිවරුන් එම පරිගණක ජාලයේ ජාලගත කර ඔවුන්ගේ ස්ථානගත කිරීම්, උසස්වීම් ආදි සියල්ල එම ජාලය හරහා සිදු කරමින් කාර්යාලීය හා පරිපාලනමය පිරිමැස්මක් ඇති කිරීමට ක්‍රියා කරන බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.

    ඉදිරියේ දී සියලු විද්‍යාපීඨ විශ්වවිද්‍යාල මට්ටමට උසස් කර ඉසඩ්ස්කෝ අගය වැඩි ම ගුරු අපේක්ෂකයන් 2024 වසරේ සිට බඳවාගෙන ඉගැන්වීමට අපේක්ෂිත විෂය ධාරාව යටතේ ම පුහුණුව ලබා දී අවසන පුහුණු උපාධිධාරී ගුරුවරයකු පන්ති කාමරයට යැවීමට කටයුතු සම්පාදනය වන බවත් අධ්‍යාපනයේ කොඳුනාරටිය බඳු විෂයමාලා සංවර්ධනය කිරීම, ගුරුවරුන් සේවයේ යෙදී සිටියදී පුහුණු කිරීම, ගැටලු විසඳා විදුහල්පති පුරප්පාඩු හා 45%ක් ව පවතින අධ්‍යාපනඥ සේවයේ පුරප්පාඩු කඩිනමින් පිරවීම, තවදුරටත් පවතින ගුරු උපදේශක වැනි සේවාවල වැටුප් විෂමතා විසඳීම, විකල්ප පෝෂණ වැඩසටහන් ක්‍රියාවට නැංවීම, පෙළපොත් මුද්‍රණයට මුදල් වෙන් කර නිසි කලට ලබා දීම, රජයේ ප්‍රතිපාදනවලින් බැහැර ව ආර්ථික දුෂ්කරතා සහිත 30%ක දරුවන් ප්‍රමාණයකට අභ්‍යාස පොත්, උපකරණ ලබාදීම මෙන් ම මත් උවදුර වැනි විෂමාචාරවලින් දරුවන් වලක්වාගැනීමට ප්‍රජා පොලිස් සහාය ගැනීම වැනි අදාළ උපායමාර්ග ගනිමින් දෙමාපිය පුහුණු වැඩසටහන් පැවැත්වීම වැනි ගුණාත්මක අධ්‍යාපන සංවර්ධන පියවර රැසක් මේ වනවිට ක්‍රියාත්මක බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

    මේ සියලු පරිවර්තනීය සංවර්ධන කටයුතු හේතුවෙන් ඉදිරියේ දී 1 - 5 වාර විභාග නැති, වර්ෂාවසාන එක් විභාගයක් පමණක් ඇති, විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය ක්‍රමානුකූල ව පන්තිකාමර ඇගයුම් දක්වා විතැන් වූ වෘතිතීයාභිමුඛ එහෙත් ප්‍රීතිමත් ඉගෙනුම් පරිසරයක් තුළ ඉබේ ම පෙළපොතේ බර අඩු වන ක්‍රමවේදයක සිසුන්ට අධ්‍යාපනය ලද හැකි බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya