පෙබරවාරි 28, 2025
tami eng youtube  twitter facebook

    කඩදාසියට පමණක් සිමා වු ක්‍රිඩා සංගම් නිසා විශාල මාෆීයාවක් සිදු වෙනවා - ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය

    දෙසැම්බර් 16, 2022

    කඩදාසියට පමණක් සිමා වු ක්‍රිඩා සංගම් නිසා විශාල මාෆීයාවක් සිදු වන බවත් මේ හේතුන් නිසා ක්‍රිඩාව කඩා වැටිමට හේතු වි තිබෙන බව ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.

    ඒ මහතා මෙම අදහස් පළ කළේ, මාතලේ දිස්ත්‍රික් හොකි සංගමය විසින් සංවිධානය කළ උත්සවයකට එක්වෙමිනි.

    එම උත්සවය ඉකුත්දා මාතලේ රොක් හවුස් හෝටලයේදි පැවැත්විණි.

    එහිදි තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා පැවසුවේ, ක්‍රිඩා මාෆීයාවක් ක්‍රියාත්මක වෙනවා.අද වන විට ක්‍රිඩා සංගම් කඩදාසිවලට සිමාවෙලා.මේ නිසා ක්‍රිඩාවන් කඩා වැටිමට හේතුවක්.ඇතැම් පිරිස් ලියකියවිලි සකස්කරනවා.සංගම් ක්‍රියාත්මක වෙන්නේ නැහැ.විශාල මුදල් ප්‍රමාණයක් මේ සදහා ලැබෙනවා.ඒවා මාෆිායවක් ලෙස ක්‍රියාත්මක වෙනවා.ඇතැම් විට ඇමතිවරුන් හැප්පුණා.ඇතැම් අමාත්‍යවරුන්ට මේ තුළින් යන්න වුණා.මේ තරම් ක්‍රිඩා මාෆියාව ප්‍රබලයි.අපි මේවා ගැන කතා කරන්න බය නැහැ.අපි ක්‍රිඩාවන් ගැන දැනගෙන වැඩ කරන්නේ.වර්තමාන කාලයේදි ක්‍රිඩා අමාත්‍යවරයා ඇතුලු වත්මන් රජය ක්‍රිඩාව දියුණු කිරිම සදහා පියවර ගනිමින් ඉන්නවා.විශේෂයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් මත ක්‍රිඩා විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරිමේ වගකිම අපට බාර දිලා තියනවා.ඒවා නිසි ලෙස සිදු කරන්න අප සුදානම්'' යැයි පැවසීය.

    මාතලේ දිස්ත්‍රික් හොකි කණ්ඩායම විසින් කැමිලස් කුසලානය දිනාගැනිම නිමිත්තෙන් ඔවුන්ට උපහාර දැක්විමද මෙහිදි සිදු වු අතර මෙම අවස්ථාවට මාතලේ දිස්ත්‍රික් හොකි සංගමයේ නව සභාපති මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයිය ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති නිතිඥ ලසන්ත බාලසුරිය,ලේකම්,ජත්‍යාන්තර හොකි විනිසුරු ජි.බි දිසානායක යන මහත්වරුන් ක්‍රිඩා විනිසුරුන් ක්‍රිඩකයින් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya