ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    ලෝකයේ සියලු රටවල් ආහාර අර්බුදයකට - රටේ වගාකළ හැකිසෑම බිම් කොටසකම වගාකළ යුතුයි- කෘෂිකර්ම අමාත්‍ය

    දෙසැම්බර් 16, 2022

    ලබන වසර වනවිට ලෝකයේ සියලු රටවල්වලට ආහාර අර්බුදයකට මුහුණ දීමට සිදුවන බවට ජාත්‍යන්තර පූරෝකථන පළවී ඇර්හි බැවින් රටේ වගාකළ හැකිසෑම බිම් කොටසකම වගාකළ යුතු බවත් පශු සම්පත් සංවර්ධනයට පියවර ගත යුතු බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදලේ ( International Fund for Agriculture Development – IFAD) ආධාර මතක්‍රියාත්මක වන කුඩා පරිමාණ කෘෂිව්‍යාපාර සහභාගිත්ව වැඩ සටහන (SAP-P) යටතේ කිරිගොවීන් 543 දෙනෙකුට තණකොළ කැබළි කිරිමේ යන්ත්‍ර ලබාදීමේ අවස්ථාවට පසුගියදා (15) සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    මේ වනවිට ගොවිජනතාව රටේ ආහාර අර්බුදයක් ඇතිවීම වැළැක්වීම සඳහා මහකන්නයේ කුඹුරු හෙක්ටයාර 6,70,000ක් වගා කරඇති බවත් හෙක්ටයාරලක්ෂ 8 ක වී වගා කිරීම ඉලක්කය බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.

    කෘෂිකර්ම අමාත්‍යාංශය 2018 දී පළමුවරට හඳුන්වා දුන් බණ්ඩාරවෙල කහත්තේවෙල ආදර්ශ කෘෂි ගම්මානය මේ වනවිට ගොවිජන සමාගමක් දක්වාසංවර්ධනය වීම මගින් එවැනි ව්‍යාපෘති තවතවත් රටට අවශ්‍ය බව පෙනී යන බව අමරවීර මහතා සඳහන් කළේය.

    මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා 2018 වර්ෂයේ තමා කෘෂිකර්ම අමාත්‍ය ධුරය දරණ අවස්ථාවේ ස්ථාපිත කළ මෙම කෘෂි ආදර්ශ ගම්මානය මේවනවිට විදේශ වෙළෙඳ පොළ ඉළක්ක කරමින් ශ්‍රී ලංකාවේ උඩරට එලවළු අපනයනය කරන බවත්, විශේෂයෙන් ගුණාත්මකභාවයෙන් ඉහළ එළවළු දේශීයපාරිභෝගිකයින්ටත් ලබා දීමට මේ වනවිට බණ්ඩාරවෙල කහත්තේවෙල ආදර්ශ කෘෂි ගම්මානය කටයුතු කරන බවද සඳහන් කළේය.

    ගොවි නිෂ්පාදන මිල දී ගැනීමේ දී බොහෝ වෙළෙදුන් විසින් භාවිතා කරන කිරුම් මිණුම් උපකරණ තත්ත්වයෙන් බාල ඒවා බව නිරීක්ෂණය වී ඇති බැවින්ඉදිරියේ දී කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව හා ඒකාබද්ධව පුලුල් වැඩසටහනක් ආරම්භ කරන බවද අමාත්‍යවරයා පැවසීය.

    මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක, අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා ඇතුලු පිරිසක් සහභාගි විය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya