09 වන ලෝක ආයුර්වේද සම්මේලනය ඉන්දියානු අගමැති නරේන්ද්‍ර සිං මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් දෙසැම්බර් 08 සිට 11 දක්වා ඉන්දියාවේ ගෝවා ප්‍රාන්තයේ පන්ජිම් කලා ඇකඩමියේදී පැවැත්විණි.
එමෙන්ම මෙම සම්මේලනය තුළදී ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සිදුකරන ලද සාකච්ඡාමය වැඩසටහන් මගින් ඉන්දියානු රජය විසින් ශ්‍රී ලංකාවේ සිසු සිසුවියන් වෙත පිරිනමනු ලබන පූර්ණ අනුග්‍රාහක පශ්චාත් උපාධි ශිෂ්‍යත්ව අවස්ථා වැඩිකර ගැනීම, ඉන්දියානු විශ්ව විද්‍යාල සමග අන්තර් සම්බන්ධතා වැඩිදියුණු කිරීම, ද්වී පාර්ශවීය වෙළද අවස්ථා පුළුල් කිරීම, ඉන්දියානු වෙළදපොළ වෙත දේශීය නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය ඉදිරිපත් කිරීමේ අවස්ථා පුළුල් කරලීම ඇතුළු ආයුර්වේද ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් බලපාන්නා වූ ජයග්‍රහණ රැසක් ශ්‍රී ලංකාව වෙත අත්පත් කරගැනීමට හැකියාව උදාවී ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් හා මගපෙන්වීම මත දේශීය වෙද්‍ය ක්‍රමය රටේ ජාතික වෛද්‍ය ක්‍රමය සමග ඒකාබද්ධ කිරීම පිළිබදවද මෙහිදී දීර්ඝව සාකච්ඡාවට බදුන්වී ඇත.
මෙම අවස්ථාවට නිල ආරාධනය පරිදි ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, ආයුර්වේද කොමසාරිස් ආචාර්ය ධම්මික අබේගුණවර්ධන, කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය විද්‍යායතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය ප්‍රියාණි පරණගම යන මහත්ම මහත්මීන් ඇතුළුව සෞඛ්‍ය හා වෛද්‍ය අංශ නියෝජනය කරමින් විද්වතුන් සහභාගී වී සිටියහ.
මෙම සම්මේලනය සදහා රටවල් 50ක් නියෝජනය කරමින් නියෝජිතයින් සහභාගී වී සිටි අතර, එහිදී ආයුර්වේද ක්ෂේත්‍රය සම්බන්ධයෙන් සිදුකරන ලද පර්යේෂණ පිළිබද පර්යේෂණ පත්‍රිකා 3000කට අධික ප්‍රමාණයක් එළිදැක්වීම ද සිදුව ඇත.