ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    සෑම දිස්ත්‍රිකයක්ම ඉලක්ක කරගනිමින් මූල්‍ය ආරවුල් විසඳීමට සුවිශේෂී කමිටුවකින් සැදුම් ලත් සමථ මණ්ඩලයක්

    දෙසැම්බර් 16, 2022

    සෑම දිස්ත්‍රිකයක්ම ඉලක්ක කර ගනිමින් මූල්‍යමය ආරවුල් සඳහා සුවිශේෂී වූ දකෂතා තිබෙන විශේෂිත කමිටුවකින් සැදුම් ලත් සමථ මණ්ඩලයක් පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සකස් කරගෙන යමින් තිබෙන බවත්, ඊට අදාළ ගැසට් පත්‍රය සහ කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබීමෙන් පසු 2023 වසර ආරම්භයේ දී මූල්‍යමය ආරවුල් සඳහා වූ සමථ මණ්ඩලය පත් කිරීමට කටයුතු කරන බව සමථ මණ්ඩල සභාවේ ලේකම්, ප්‍රියනාත් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

    යුක්තිය පසිඳලීමේ කාර්යෙහි ලා සමථකරණ වැඩපිළිවෙල පිළිබඳව ජනතාව වඩාත් උනන්දු කරවීම සහ නීතියේ අධිපත්‍යය සවිබල ගැන්වීම පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විද්වත් මාධ්‍ය සාකච්ඡාවේ දී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

    මෙරටට අවේණික වූ ක්‍රමයක් තුළ සමථකරණය සිදු වන අතර ශ්‍රී ලංකාවේ වර්තමානයේ ක්‍රියාත්මක සමථ මණ්ඩලය ක්‍රමය ක්‍රියාත්මක වන්නේ 1988 අංක 72 දරණ සමථ මණ්ඩල පනත යටතේය. එතැන් සිට වසර 35 ක පමණ කාලයක් පුරාවට මේ දක්වා ඉතාමත් සාර්ථකව ශ්‍රී ලංකාව සමථකරණ ක්‍රියාවලිය කෙරීගෙන යමින් පවතී.

    මේ වන විට දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ප්‍රජා සමථ මණ්ඩල නිළධාරීන් 8,000ක පමණ පිරිසක් සමථකරණ කාර්යයේ නියැලී සිටි.

    මෙරට පිහිටා ඇති සමථ මණ්ඩල 339 ට 2021 වසරේ සමථකරණය වූ අරවුල් ගණන ආරවුල් 155,081කි. එම ආරවුල් වලින් එම වසර තුළ 117,824 ක් නිරවුල් කර තිබෙන බවත් ප්‍රියනාත් පෙරේරා මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව 73% ක ප්‍රමාණයක ආරවුල් විසඳීම සඳහා දායක වීමක් බවත්, සමථකරණය තවත් එක් උසාවියක් නොව, සමථ මණ්ඩලය මඟින් සිදු වන්නේ සියල්ලන්ටම තම අදහස් ඉදිරිපත් කිරීමට සුදුසු වේදිකාවක් තනා එමඟින් විසඳුමක් ලබාගෙන සෑම පාර්ශවයක්ම එකඟ වන විසඳුමක් කරා ඔවුන්ව යොමු කිරීමක් බවත් හෙතෙම පැවසීය. අපරාධමය නොවන ආරවුලක් විසඳා ගැනීමට ඕනෑම පුද්ගලයෙකුට තමා පදිංචි වී ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමථ මණ්ඩල සභාපතිවරයාට රුපියල් 5.00 ක මුද්දරයක් ඇලවූ ඉල්ලීම් ලිපියක් යොමු කරමින් සමථ මණ්ඩලයට යොමු විය හැකියි. එය ඉතාම කාර්යක්ෂම මෙන්ම වේගවත් කාර්යයක් වේ.

    ඒ අනුව, මෙරට සමථකරණ ක්‍රියාවලිය මඟින් සියලු පාර්ශවයන්ට සෑහීමකට පත් විය හැකි බවත්, සියල්න්ගේම එකඟත්වයක් මත මෙම නිරවුල් කිරීමේ ක්‍රියාවලිය සිදු කෙරන බවත්, මෙකී ක්‍රියාවලිය සඳහා සමථකරුවන් වශයෙන් ඉතාමත් දක්ෂ පුහුණු නිළධාරීන් දිස්ත්‍රික්ක මට්ටමින් සිටින බවත්, මෙවැනි නඩු විශාල ප්‍රමාණයක් අධිකරණයටයාම වැළක්වීම සමථකරණ ය මඟින් විසඳා ගැනීමට හැකිවෙන බවත් ඒ මහතා පැවසීය.

    එමෙන්ම, ඒ සඳහා අධිකරණ අමාත්‍යංශය විසින් යෝජනා කරන විකල්ප ආරවුල් ක්‍රමවේද යටතේ මෙම ආරවුල් අධිකරණය වෙත යාම වැළක්වීම හා සමථකරණ මඟින් විසඳා ගැනීමට හැකි පරිදි කටයුතු කරන බවත් සඳහන් කළ ඒ මහතා සමථ මණ්ඩල බලගැන්වීම සඳහා විශේෂ වූ පනත් කැබිනට් මණ්ඩලය මඟින් අනුමත වී තිබෙන බවත්, 2003 අංක 21 දරණ විශේෂ ආරවුල් පනත යටතේ විශේෂ වූ සමථ මණ්ඩල ස්ථාපිත කිරීමේ හැකියාවක් තිබෙන බවත්, ඒ යටතේ මේ වන විට ඉඩම් ආරවුල් සඳහා දිස්ත්‍රික්ක 08 ක් පදනම් කරගෙන මේ වන විට සමථ මණ්ඩල 08 ක් ස්ථාපිත කර තිබෙන බවත්, 2023 වසර අවසන් වන විට අනිකුත් දිස්ත්‍රික්ක වලත් එලෙස ඉඩම් සමථ මණ්ඩල ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙන බවත් මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

    මෙම අවස්ථාවට ශ්‍රීපාලි මණ්ඩපයේ මණ්ඩපාධිපති නීතිඥ, ආචාර්ය ප්‍රතිභා මහානාම මහතා ද සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya