ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    අර්බුදකාරී තත්ත්වය පාලනය වන තෙක් බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දැමේ

    දෙසැම්බර් 16, 2022

    බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අර්බුදකාරි තත්ත්වය පාලනය වන තෙක් එම විශ්ව විද්‍යාලය මස (19) සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍ය මහාචාර්ය පූජ්‍ය නෙළුවේ සුමනවංස නාහිමියෝ පවසති.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (16) පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන් වහන්සේ මේ බව පැවසූහ.

    එමෙන් ම අද (16) පස්වරු 4.00 සිට (19) සදුදා දින තෙක් නේවාසිකාගාරවලින් පිටව යාමට කාලය ලබා දෙන ලෙසත්,එය නොසළකා හරිමින් නේවාසිකාගාරවල රැදි සිටින ශීෂ්‍ය භික්ෂුන් වහන්සේලා හා අනෙක් ගිහි ශිෂ්‍යයින් සදහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදු වන බවත් මහෝපාධ්‍ය පූජ්‍ය නෙළුවේ සුමනවංස නාහිමි වැඩිදුරටත් පැවසූහ.

    මෙම විශ්වවිද්‍යාලය වල්පොළ විපස්සී හිමියන් විසින් විශේෂ පනතක් මගින් ස්ථාපිත කළ බවත් බුද්ධාගම ලෝකයට ගෙන යාමටත් ,ශික්ෂාකාමී ශික්ෂුන් හා ගිහියන් සමාජයට දායාද කිරිමේ අරමුණ පෙර දැරි වු බවත්
    රුකියාවක් බලාපොරාත්තුවෙන් උපාධියක් ලබා ගැනීමේ කිසිදු අරමුණක් මෙම විශ්ව විද්‍යාලයෙන් සිදු නොවූ බවත් උන් වහන්සේ පැවසූහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya