පෙබරවාරි 28, 2025
tami eng youtube  twitter facebook

    ගාලු අයිස් කර්මාන්ත ශාලාවේ වැඩ අරඹනවා - ධීවර අමාත්‍ය

    දෙසැම්බර් 17, 2022

    දැනට වැඩ නවත්වා තිබෙන ලංකා ධීවර සංස්ථාවේ සතුව පවතින ගාලු ධීවර වරායේ අයිස් කර්මාන්ත ශාලාව පිළිසකර කර හැකි ඉක්මණින් ඇරඹීමට පියවර ගන්නා බව ඊයේ (16 දින ) එහි සංචාරය කළ ධීවර අමතාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ප්‍රකාශ කළේ ය.

    එම කර්මාන්තශාලාවේ සේවය කරන සේවකයන් හා ගාල්ල ධීවර සමිති නියෝජිතයින් අමතා අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    මෙම කර්මාන්තශලාවේ ඇමෝනියම් වායුව කාන්දු වීම පිළිබඳ පේරාණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකුගෙන් සහ ඉන්ජිනේරුවන්ගෙන් වාර්තා ගෙන ඇති බවත්, ඒ අනුව මෙය පිළිසකර කිරීමට විශාල මුදල් ප්‍රමාණයක් වැයවන බැවින් ඒ සඳහා සංස්ථාව හෝ අමාත්‍යංශය සතුව අරමුදල් නොමැති බැවින් මෙය පුද්ගලික අංශයට දීමට සිදුවන බවද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේය.

    මෙහිදි අයිස් කර්මාන්ත ශාලාවේ සේවකයින් හා ධීවර නියෝජිතයින් සමග අවසාන සාකච්ඡවක් ලබන සතියේ සිදුකිරීමෙන් පසු හැකි ඉක්මණින් මෙය ආරම්භ කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසීය.

    රජයට මුදල් නොමැතිනම් මෙවැනි දේවල් පෞද්ගලික අංශය මගින් කරවා ගතයුතු බවද ඒ සදහා පෞද්ගලික ආයෝජකයින්ට නිසියාකාරව ටෙන්ඩර් පත් කැදවා එය සිදුකළ යුතු බවද ප්‍රකාශ කළේය.
    මෙම අවස්ථාවට ධීවර අමාත්‍යංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය සහ ලංකා ධීවර සංස්ථාවේ සභාපති චතුරංග උඩවත්ත මහතා සහ ධීවර සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂක තුෂාර ලොකු කුමාර මහතා සහ ධීවර වරාය සංස්ථාවේ සාමාන්‍යාධිකාරි මුදලිගේ යන මහත්වරුන් සහභාගි විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya