ඒ අනුව, අද (2022 දෙසැම්බර් 18 ) දින නාවික හමුදා චාරිත්‍රානුකූලව නාවික හමුදාධිපති ධූරයේ රාජකාරීන් වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා වෙත භාර දුන් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා , ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මව්බිම වෙනුවෙන් සිදු කළ වසර 37 කට අධික අනභිභවනීය සේවය නිමා කරමින් අද (2022 දෙසැම්බර් 18) විශ්‍රාම යන ලදී.
නාවික හමුදා මූලස්ථානයේදී අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා වෙත සම්මාන ආචාර මුරයක් මගින් ආචාරය පුද කරන ලද අතර, නාවික හමුදා කළමණාකරන මණ්ඩලය ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් විසින් සමුදීමෙන් පසු නාවික හමුදා මූලස්ථානයේ සිට, නාවික රථ පෙළපාලියකින් ඔහු පිටව යන මොහොතේ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් මාර්ගය දෙපස රැඳී සිටිමින් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හට සුභාශිංසන එක් කළහ.
SLNavy