ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    තොරතුරු තාක්ෂණ කර්මාන්තය රටට විදේශ විනිමය උපයන ප්‍රධාන අංශයක් බවට සංවර්ධනය කරනවා- තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය

    දෙසැම්බර් 20, 2022

    තොරතුරු තාක්ෂණ අංශය, රටට විදේශ විනිමය උපයන ප්‍රධාන කර්මාන්තය ක් බවට පත්කිරීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතිබව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ප්‍රකාශ කරයි.

    රාජ්‍ය අමාත්‍ය වරයා පෙන්වා දෙන්නේ, ඉකුත් 2021 වසරේ දී තොරතුරු තාක්ෂණ කර්මාන්තය හරහා ඇමරිකානු ඩොලර් මිලියන 1500 ක විදේශ විනිමය උපයා ගැනීම ට හැකි වී ඇතිබවයි.

    හෙතෙම මේ බව සඳහන් කළේ අවිස්සාවේල්ල බටන්ගල තරුණ පුහුණු මධ්‍යස්ථානයේ දී ආරම්භ වූ, LIGHTING DIGITAL තොරතුරු තාක්ෂණ පුහුණු කඳවුරේ අධ්‍යයන කටයුතු වල ගුණාත්මක භාවය සොයා බැලීම සඳහා (18) පෙරවරුවේ සිදුකළ නිරීක්ෂණ සංචාරයට එක් වෙමිනි.

    ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සංවිධානය කළ මෙම නේවාසික පුහුණු කඳවුර සඳහා කෑගල්ල දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් 180 ක් පමණ සහභාගි වී සිටියහ.
    මෙහිදී තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පුහුණු කඳවුරේ ශිෂ්‍ය ශිෂ්‍යයාවන් සමඟ සුහද පිළිසඳරක නිරත විය.

    අනතුරුව මාධ්‍ය හමුවේ කියා සිටියේ, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රාජ්‍ය හා පෞද්ගලික අංශය තුළ 20000 පමණ පුරප්පාඩු පවතින බවයි.

    ඒ අනුව, මෙම කර්මාන්තය ට අවශ්‍ය තරුණ තරුණියන් පෙළ ගැස් වීම තාක්ෂණ අමාත්‍යාංශයේ වගකීමක් බව ද හෙතෙම කීය. ඒ අනුව උසස් පෙළ කලා අංශයේ විෂය ක් ලෙස කර්මාන්තය ට ගැලපෙන පරිදි තොරතුරු තාක්ෂණ විෂය , හඳුන්වා දීමට නියමිතයි. මේ සඳහා ගුරුවරු 700 දෙනෙකුට තොරතුරු තාක්ෂණ පුහුණුව ලබා දීම සිදුකරනවා. මේ සඳහා යුනිසෙෆ් සංවිධානය සහාය ලබා දෙනවා.
    තෘතීයීක අධ්‍යාපනය යටතේ රැකියා වෙළඳ පොල ට අවශ්‍ය පරිදි NVQ විෂය නිර්දේශ සංශෝධනය කෙරෙනවා. සමස්තයක් ලෙස ඩිජිටල් අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීම ආරම්භ වී තිබෙනවා. පෞද්ගලික වශයෙන් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නිරතව සිටින පිරිස 50000 ක් පමණ වනවා. ඔවුන් ද  විශාල වශයෙන් රටට විදේශ විනිමය උපයා ගැනීම ට දායක වී සිටිනවා.

    LIGHTING DIGITAL තොරතුරු තාක්ෂණ කඳවුරු දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කිරීම තුලින් 2023 වසරේ දී තරුණ තරුණියන් 34000 ක් ක්ෂේත්‍රයට යොමු කිරීමට සැලසුම් කර ඇතැයි ද තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා වැඩිදුරටත් පැවැසීය.

    මෙම නිරීක්ෂණ සංචාරය සඳහා කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් මංජුල මහතා සහ දෙහිඕවිට ප්‍රාදේශීය සභා සභාපති දමිදු ශමින්ද්‍ර මහතා ඇතුළු ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ නිලධාරීනහු සහභාගි වී සිටියහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya