ඒ අනුව, ප්‍රංශ ජනරජයේ නව ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස සහ එක්සත් ජාතින්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානයේ (UNESCO) මෙරට නිත්‍ය නියෝජිතවරිය ලෙස නිරෝෂණී මනීෂා ඩයස් අබේවික්‍රම ගුණසේකර මෙනවිය පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබේ.
එමෙන්ම, ස්විට්සර්ලන්තයේ ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලාංකා නිත්‍ය නියෝජිතවරිය ලෙස හිමාලී සුභාෂිණී ද සිල්වා අරුණතිලක මහත්මිය පත් කිරීමට ද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදුන් බව මහ ලේකම්වරයා සඳහන් කළේය.
එයට අමතරව, ජර්මන් ෆෙඩරල් සමුහාණ්ඩුවේ නව ශ්‍රි ලංකා තානාපතිවරිය ලෙස ලංකා වරුණි මුතුකුමාරණ මෙනවිය පත් කිරීමටත්, ජෝර්දාන් හැෂ්මයිට් රාජධානියේ නව ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස ජේ.ඒ.ඩී.එස්. ප්‍රියංගිකා විජේගුණසේකර මහත්මිය පත් කිරීමටත්, වියට්නාම් සමාජවාදී සමූහාණ්ඩුවේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස සජීව උමංග මෙන්ඩිස් මහතා පත්කිරීමටත් උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී තිබේ.
පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර, මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ජෝන් සෙනෙවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, තලතා අතුකෝරළ, විජිත හේරත්, ධර්මලිංගම් සිද්ධාර්තන් සහ උදය ගම්මන්පිළ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.