හෘදයාබාධ යනු ශ්‍රී ලංකාවේ මරණ වලට ප්‍රධානතම හේතුවකි. හදිසි හෘදයාබාධයකට ගොදුරු වූවන්ගෙන් 95% කටම ජීවිත අහිමි වන්නේ නියමිත වේලාවට වෛද්‍ය ප්‍රතිකාර නොලැබීම හේතුවෙනි. මෙයට පිළියමක් වශයෙන් බොහෝ රටවල පොදු ස්ථාන වල Automated External Defibrillator (AED) යන්ත්‍ර සවිකර ඇත.
Automated External Defihtllator* යනු රෝගියාගේ ECG තරංග රටාව පරීක්ෂා කිරීමටත්, භාඬ විධාන ලබා දීමටත් රෝගියා නැවත පණ ගැන්වීමට අවශ්‍ය වූ විට විදුලි කම්පනයක් ලබා දීමටත් නිර්මාණය කර ඇති උපකරණයකි. නිසි පුහුණුවකින් පසු සෞඛ්‍ය සේවයේ නිරත නොවන පුද්ගලයෙකුට වුවද භාවිතා කළ හැකි ආකාරයට මෙම යන්ත්‍ර නිර්මාණය කර ඇත.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ යනු වසරකට මගින් මිලියන 15 ක් පමණ භාවිතා කරන ස්ථානයකි. එමෙන්ම එහි නිතර හෘදයාබාධ සිද්ධීන් වාර්තා වේ. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් AED යන්ත්‍රයක් නොමිලයේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයේ සවි කිරීමටත් ශ්‍රී ලංකා නිර්වින්දන වෛද්‍ය සහ දැඩි සත්කාර සේවා වෛද්‍ය විද්‍යාලයේ අධීක්ෂණය යටතේ මෙම යන්ත්‍රය භාවිතා කිරීම සහ මූලික ජීවිතාධාර (CPR) ලබාදීම සම්බන්ධ පුහුණුවක් ගුවන් තොටුපළ සේවක සේවිකාවන්ට ලබා දීමටත Herrma Surgicals & Diagnostics (පුද්ගලික) සමාගම කටයුතු කළේය.
මෙම යන්ත්‍රය නිල වශයෙන් භාර දීමේ උත්සවය 2022 දෙසැම්බර් 19 වන දින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ Silk Route Lounge හිදී පැවැත්විණි. මෙම අවස්ථාවට ගුවන්තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගමේ සභාපති මේජර් ජෙනරාල් (විග්‍රාමික) ජී ඒ චන්දුසිරි මහතා, සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ පේනරාල් වෛද්‍ය එස්. ශ්‍රීධරන් මහතා, ලංකා නිර්වින්දන වෛද්‍ය සහ දැඩි සත්කාර සේවා වෛද්‍ය විද්‍යාලයේ සභාපති වෛද්‍ය අනෝමා පෙරේරා මහත්මිය, National Resuscitation Council හි සභාපති ආචාර්ය නිල්මිණි විජේසිරි මහත්මිය සහ Hemas Surgicals and Dlagnostics සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ජූඩ් ප්‍රනාන්දු, යන මහත්ම මහත්මීහු එක්වූහ.